(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය බොදුණු ඉතිහාසයේ ප්‍රථම වරට කිතුණු පාසැලක් තුළ සිල් සමාදන් වීමේ අවස්ථාවක් අද (9) දැකගැනීමට හැකි විය.
කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ මාම්පුරිය රෝමාණු කතෝලික සිංහල දමිළ මහා විද්‍යාලයේ බොදුණු සිසු දරු දැරියන් 45 දෙනෙක් සහ ගුරුවරු පිරිසක් සිල් සමාදන්ව සිටියහ.
පුත්තලම් දිස්ත්‍රික් සර්ව ආගමික කමිටුවේ සභාපති දලුව ශ්‍රී සුමනාරාමයේ විහාරාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම විදුහලේ විදුහල්පති කිතුණුවකුවන වසන්ත අප්පුහාමි මහතා මෙම සිල් සමාදන් වීමේ වැඩ සටහන ගැන මෙසේ අදහස් දැක් වූයේ ය.
"කල්පිටිය බහු ආගමික,බහු ජාතික,විචිත්‍ර සංස්කෘතියක් සහිත අර්ධදීපයක්.අප සෑම ආගමකටම,ජාතියකටම ගරු කළ යුතුයි.ඒ පාඩමේ මුල් පොත පාසැලින් කිවයුත්තක්."
"ආගමික සහජීවනයේ පාඩම අපට මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් තුළින් ලබාදිය හැකි බවයි මගේ අදහස.එම නිසා මෙම වැඩ සටහන විදුහල තුළ පැවැත්වීම ලැබීම සතුටට කාරණයක්."



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.