(රොමේෂ් මධුෂංඛ)
එළැඹෙන පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අද(8) උතුරු පළාත වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරිණි.
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් වව්නියාව දිස්ත්‍රීක්ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී වව්නියාව හා මුලතිව් දිස්ත්‍රීක්කයන්ට ඇප මුදල් තැන්පත් කළහ.


COMMENTS
මහින්ද මලක් නොවුණට තරුණ කාලයේ නාමල් ට වඩා සුවඳ හැමුවා. මහින්ද වසර 40ක දේශපාලනයක් කලත්, කවදාවත් පොහොට්ටුවක් වුණෙත් නැහැ, මලක් වුණෙත් නැහැ. ඔහු පිළිබඳ මතකය ජනතා හදවත් තුල එක්තරා අන්දමක සුවඳක් විහිදුවත් ඔහුගේම අදුරදර්ශී බව නිසාම කෙමෙන් වියැකී යන මලක් බවට පත් වුණා. මහින්ද කෙසේ වෙතත් ඔහුගේ ගෝල බාලයින් පොහොට්ටුවක් ලෙසින් මහින්දව නැවත ලස්සනට අන්දවා තිබෙනවා. ඔහුගේ පියාටත් සරණක් වූ (ශ්‍රීලනිප) අත අද ඔහුට අහිමිව තිබෙන්නේ දෛවයේ සරදමක් නිසාද? වසර 65ක් තිස්සේ අතට තවමත් අත දෙන ජනතාවක් ඉන්නේ බණ්ඩාරනායක නමට ජනතාව තුල ඇති අසීමිත ගෞරවය නිසයි. රාජපක්ෂලා පොහොට්ටුවක් සමගින් ලංකා දේශපාලනයේ කොපමණ කාලයක් රැඳී සිටිත්දැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටිනවා.
මට හිනත් යනවා. කමක් නැහැ යාපනයට මාර සංවර්ධනයක්නේ කලේ මෙයාලා නේද? අර උතුරු වසන්තය එහෙම නේද? හොඳා හොඳා... දිනයි දිනයි.