(නිමල කොඩිතුවක්කු , ඡායාරූපය - ළහිරු හර්ෂණ )
දූෂණ චෝදනා නැති පිළිගැනීමක් සහ සුදුසුකම් ඇති පිරිස් පළාත් පාලන ආයතනවල පළමු පුරවැසියා ලෙස පත් කරන්නැයි දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බව මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පළාත් පාලන ආයතන කාර්යක්ෂමව සහ විනිවිද භාවයකින් පවත්වාගෙන යාමට නම් එවැනි පිරිස් සඳහා අවස්ථාව ලබාදිය යුතු බවද ඔහු කීය.
මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේ දී මාර්තු 12 ව්‍යාපාරයේ අද පෙරවරුවේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කට්ටිය හොයාගන්න එක තම ප්‍රශ්නේ
බුදුන් පටාචාරාවට කියූ දේ මතක් උනා .
එහෙනම් ඉතින් උපන්දා ඉංදලම පැටිගිරිය සොයන්න වේවි. අපිට ප්‍රථම පුරවැසියෝ ඕනේ නැත. යන විදිහකට යන්. මක නම්බුනාම, මුලාදානිකම් දීල හදන්න පුළුවන් රටක් නොවෙයි. පුළුවන් නම් ඡන්ද දායකයාගේ ඔලුටික හදන්න. එක ලොකු දෙයක්.
මේ අයව හසුරුවන්නේ විදේශීය බලවේගයන්ය.මොවුන්ට ඒ සඳහා විශාල මුදලක් ලැබෙනවා.මෙයාලගේ න්‍යාය පත්‍රය එයයි.
ඔව් ඔව් ඉන්නවා. කපුරුහාමිලා ටිකක් පත්වෙලා මේ සැරේ පල්ලෙහා තට්ටුවට...
ඒක එහෙම කියලා හරි යන්නේ නැහැ... පක්ෂ නායකත්වය දූෂිත නම් පළාත් පාලන ආයතන වලට පත් වෙන පිරිස් ඉබේම දූෂිතයෝ වෙනවා. ඒ වගේම දූෂිතයන් රැකීමට දූෂිත නොවන පිරිස් පත්වී උපකාරී කරනවා..... කල යුත්තේ දූෂිත නායකයෝ නැති පක්ෂයකට ඡන්දය දී පත් කිරීමයි.
අපේ රටේ දූෂණ චෝදනා නැති කෙනෙක් හොයාගන්න පුළුවන්ද?
දැන් සොරි තමා..මහත්තයෝ..පත්වෙලා ඉන්න බහුතරය, අය අමු කාලකණ්නි දුෂකයෝ ටිකක්..නොදකිං..
ඔන්න කිව්වා.හත් දෙයියනේ එහෙම කවුරුවත් ඉන්නවද දේශපාලනේ කරන.?
එහෙනම් ඹය ඡන්දෙ ස්විට්සර්ලන්තේ තියලා නියෝජිතයෝ තෝරගෙන ලංකාවට එන්න වෙයි.
ටි.ඉන්දික මහත්තයෝ, බන කතා කරනවද? මුන් අතරේ වැඩි හරියක්ම ඉන්නේ ඉර හඳ උලාකාපු , ලෝකේ පලලා මද කාපු, ජේතවනෙට ගල් ගහපු ලෝකෝත්තරයෝ බවට කිසිම සැකයක් නැහැ. දැනටමත් දෙන්නෙක් තුන්දෙනෙක් නොයෙකුත් අපරාධවලට පොලිසිවලට කොටුවෙලා කියල මාධ්‍ය තොරතුරු වලිනුත් එලි වෙනවනේ. මේ ප්‍රාදේශීය සභාවලින් සිද්ධවෙන හානිය ගැන හිතුවම මේවා නොතිබුනා කියලා අපට ඇති පාඩුවක් නැහැ!
දෙන තරමක් මෙවර වැඩි ඡන්ද දීල තියෙන්නේ ඒ වගේ අයට. ඉතින් කොහොමද නොදී ඉන්නේ
අනිවාර්යයෙන්ම එය එසේ විය යුතුයි. මේකට මීට වඩා ප්‍රසිද්ධියක් ලබා දිය යුතුයි. ලංකාදීපයට ස්තුතියි. ඡන්දයට ඉදිරිපත් වීමට සුදුසුකම් නිර්ණායක තිබිය යුතුයි. එතකොට තමයි බුද්ධිමත් අය ඉදිරිපත් වෙන්නේ, නැතිනම් කව්ද කැමති මැරයොත් එක්ක එකට ඉඳල තරග කරන්න
කොහොමද මහරගම දැකලවත් නැති කට්ටියට මහරගමින් පත්වෙලා තියෙන අපූරුව...