(විනීතා එම් ගමගේ)
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයක් වන ඉඳුරුව ගෝනගල්පුර උප තැපැල් ස්ථානාධිපතිවරයාට සහය පළ කරමින් ප‍්‍රචාරක කටයුතු කළ එම තැපැල් කාර්යාලයේ සහායිකාව වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
ඇය රැකියාව කරන අතරතුර, තම ප‍්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවැසේ.
ඇයට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ නියෝගයක් අනුව මෙම වැඩ තහනම සිදුකළ බව අද (11) තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
උප තැපැල් කාර්යාලයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා බෙන්තොට ප‍්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණයෙන් පසු මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් විධිමත් පරික්ෂණයක් පවත්වන බවත් පසුව විනයානුකූල පියවර ගන්නා බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක මිනිස්සුන්ට තමයි කරදර. මෙව්වා කාට කියන්නද.
තැපෑල කාර්යාලය කියන්නේ පොදු තැනක් එය දේසපාලනය කරන තැනක් නොවේනේ මෙනිසා තමා සෙස්ත්‍ර නිලදාරීන්ට තරංග කරන්න නොදෙන්නේ.
මේවර පුද්ගලයාට නෙමෙයි ඡන්දෙ දෙන්නේ. පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමටනේ.
මෙය සැමදාම සිදුවන දෙයක්.