IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ලංකාවේ සෑම මැතිවරණයකදීම ඡන්දය දුන් ගම් ප්‍රධානියෙක්

මෙරට මැතිවරණ ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වා පැවැති සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීමට තරම් වාසනාවන්ත වූ ගම්මුලාදෑනිවරයෙක් ගාල්ල, කලහේ, වංචාවල ‘පියසිරි’ නිවසේ දිවි ගෙවයි. 105 වන වියට එළඹ සිටින ඔහු සැමී යාපා සිරිවර්ධන මහතාය. 1915 ජුනි මස 18 වන දින ගාල්ල මීපේ ග්‍රාමයේ දී මෙලොව එළිය දුටු සැමී යාපා මහතා තම ජීවිත කාලය පුරාවටම මත්පැන් සහ දුම්පානයෙන් තොර ජීවිතයක් ගත කළේය.   


1944 සැප්තැම්බර් මස 6 වන දින කලහේ ගම්මුලාදෑනිවරයා ලෙස පත්ව 1963 මැයි මස 1 වන දින දක්වා පුරා වසර දහනමයක් එම තනතුරේ කටයුතු කර තිබූ ඒ මහතාට රජය විසින් ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කිරීම නිසා එම තනතුර අහිමි විය. ගම්මුලාදෑනි ක්‍රමය වෙනුවට ආරම්භ කළ ග්‍රාමනිලධාරි වෘත්තියට පත්වීමට ඔහුට අවස්ථාව හිමිකර දී තිබුණි. එහෙත් ඔහු ඊට එකඟ නොවීම නිසා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය කටයුතු කර තිබිණි.   


1947 අගෝස්තු මස මෙරට පැවති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පටන් මේ දක්වා පැවැති සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කර ඇති ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ දී දාහත්වන වතාවටත් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියි. ඒ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ ගාල්ල කලහේ ශ්‍රී සුමංගලෝදය මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේ දීය.   


 සැමී යාපා සිරිවර්ධන මහතා සිය අතීතය ආවර්ජනය කරමින් මෙසේ කීය. ඒ කාලේ අදටත් වඩා උනන්දුවෙන් ජනතාව ඡන්ද කටයුතුවල නිරත වුණා. ගමෙන් ගමට ඒ කාලේ ඡන්ද රැස්වීම් තිබුණා. ඒ කාලේ පොල් ගෙඩි තොරණ, ගොක් කොළ තොරණ එහෙම ගහලා තමයි අපේක්ෂකයන් පිළිගත්තේ. අද වගේම එදත් අපේක්ෂකයෝ කරන්න බැරි දේවල් කියලා තමයි ජනතාවගෙන් ඡන්ද ලබාගත්තේ.   


මම ගම්මුලාදෑනි තනතුරට පත් වුණේ 1944 දීයි. ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ ඊට වසර තුනකට පසු 1947 වසරේයි. ඒ ඒ අපේක්ෂකයන් සඳහා ඔවුන්ගේ අනන්‍යතාව හැඟවෙන පරිදි තබා තිබූ පාට පාට ඡන්ද පෙට්ටිවලට තමයි අපි ඒ කාලයේ ඡන්දය දැම්මේ. අද වගේ ඡන්ද නියෝජිතයෝ උන්නේ නැහැ. රජයේ නිලධාරීන් කීප දෙනෙකු පමණයි ඡන්ද මධ්‍යස්ථානවල උන්නේ. ඡන්දය ගණන් කිරීමත් එම මධ්‍යස්ථානවල දීම සිදු වුණා.   


 ඉස්සර එක් පක්ෂයකින් එක් ආසනයක් සඳහා එක් අපේක්ෂකයකු පමණක් ඉදිරිපත් කළා. එක් අපේක්ෂකයකු ජයග්‍රහණය කරාම එයාගේ ගෝලයෝ සටන්පාඨ කියමින්, රබන් වයමින්, ගල් වෙඩි ගසමින් ගම වටේ ගියා. කැවුම් කිරිබත් කමින් සතුටු වුණා. ඉස්සර ඡන්දය දාන්න හැඳුනුම්පත අවශ්‍ය වුණේ නැහැ. මේ නිසා සමහරු දෙතුන් වතාවක්ම හොරට ඡන්දය දාපු අවස්ථා ද තිබුණා.   


අද වගේ වෛවර්ණ පෝස්ටර් කටවුට් ඒ දවස්වල දකින්නවත් තිබුණේ නැහැ. මුද්‍රණාලයකින් අච්චු ගැසූ තනිපාට කුඩා පෝස්ටර් තමයි ගස්වල, ගල්වල ඇලෙව්වේ. පෝස්ටර් අලවන්න ලොකු තරගයක් එදා තිබුණා. කලින් අපේක්ෂකයාගේ අලවා තිබූ පෝස්ටර් වැසී යන සේ ඒ මතම ඊළඟ අපේක්ෂකයාගේ පෝස්ටර් ඇලවීම සිදුවුණා. මේ නිසා ඇති වූ ආරවුල් පවා විසඳන්න ගම්මුලාදෑනිවරුන් ලෙස අපට සිදුවුණා.

 

සැමී යාපා සිරිවර්ධන මහතාගේ විශ්‍රාම වැටුප් හැඳුනුම්පත

සැමී යාපා සිරිවර්ධන මහතාගේ උප්පැන්න සහතිකය 

 

 

 

 

 

සටහන හා ඡායාරූප
රත්ගම ගාමිණී මහදුර



අදහස් (0)

ලංකාවේ සෑම මැතිවරණයකදීම ඡන්දය දුන් ගම් ප්‍රධානියෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 586 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 501 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 426 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site