IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


දරුවා බේරාගන්න ලැබුණු ආධාර වෙනත් දරුවන්ට පිරිනැමූ මව්පිය යුවළක්

ඇය නමින් දිනේෂා රංගනීය. ඔහු නමින් අසංක ගමගේය. ඔවුන් පදිංචිව සිටියේ ගාල්ල වක්වැල්ල අපේගම ප‍්‍රදේශයේය. ඔවුන් දෙපළට සිටි එකම දරුවා, සඳනෙත් ලාලිතට යාන්තම් වයස මාස 07ක් ගතවූවා පමණි. දරුවාගේ දෙනෙත් කහ පැහැ ගැනෙන්නට විය. මව දිනේෂා සහ පියා අසංක දරුවා රැගෙන වෛද්‍යවරුන් හමුවන්නට ගියහ. සඳනෙත් ලාලිත දරුවාට අක්මා රෝගයක් ඇති බව වෛද්‍යවරු පැවසූහ. දරුවා සුවපත් කිරීමට නම් අක්මා බද්ධ සැත්කමක් කළ යුතු බවත් ඒ සඳහා ඉන්දියාවට යායුතු බවත් වෛද්‍යවරුන්ගේ මතය විය.  


ඉන්දියාවේ කරන සැත්කමට රුපියල් ලක්ෂ 85ක් පමණ වැයවන බවත් ඉක්මනින්ම දරුවාට සැත්කම කළ යුතු බවත් වෛද්‍යවරු පැවසූහ. 

 

සෙත්මිණි දියණියගේ මවට මුදල් පරිත්‍යාග කරමින්...

 

දරුවාට ඉක්මනින්ම සැත්කම කළ යුතු නිසා ඉකුත් 10ද‌ා ඉන්දියාවට යාමට සියලු කටයුතු සූද‌ානම් විය. වෛද්‍යවරයෙකුද ඔවුන් සමඟ යාමට එකඟත්වය පළ කර තිබුණි. එහෙත් අවාසනාවක මහත නම් සඳනෙත් ලාලිත මාස එකොළහේ පුංචි සිඟිත්තා සැත්කමට යාමට දින දෙකක් තිබියදී (08 වැනිද‌ා) සියල්​ලන්ම හැර දමා මෙලොවින් සමුගත්තේය.   


තම එකම දරුවා මෙලොවින් සමුගත්තද තම පුතා ජීවත් කරවීම සඳහා එකතවූ මුදල එවැනිම අක්මා ආබාධයකින් පෙළෙන දරුවන් ජීවත් කරවීමේ ශල්‍යකර්මවලට ලබාදිය යුතු බවට සඳනෙත්ගේ දෙමාපියෝ තීරණය කළහ. ඒ අනුව තම මිය ගිය දරුවාගේ අක්මා බද්ධ ශල්‍යකර්මය සඳහා එකතුවූ මුදලින් රුපියල් ලක්ෂ 35ක් එවැනිම අක්මා ආබාධවලින් පෙළෙන දරුවන් දෙ​ෙදනෙකුට ලබාදීමට තරම් දිනේෂා සහ ඇගේ සැමියා වන අසංක ගමගේ යන අයගේ හිත් පොහොසත් විය.  

 

 

මව සහ පියා විසින් සඳනෙත් ලාලිත සුවපත් කර ගැනීමට එකතු කරගත් මුදලින් රුපියල් ලක්‍ෂ 20ක මුදලක් එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන රාගම ප‍්‍රදේශයේ පදිංචි චෙනුති සතිස්මා වෙනුවෙන් ද ලක්ෂ 15ක මුදලක් තවත් එවැනිම අක්මා රෝගයෙන්ම පෙළෙන මොනරාගල සෙත්මිණී දියණිය වෙනුවෙනුත් ද ප‍්‍රද‌ානය කිරීම 18 සහ 21 යන දෙදින තුළ ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේදී සිදුවිය. මෙම මුදල් රාගම සතිස්මාගේ මව වන සජීවනී විරානි හෙට්ටිආරච්චි මහත්මියට සහ මොණරාගල සෙත්මිණීගේ මව වන ආර්.එම්. අනෝජා වීරසේකර මහත්මියට පරිත්‍යාග කරන ලදී.   


දරුණු අක්මා රෝගයෙන් පෙළුනු තම එකම දරුවා බේරා ගැනීමට රාගම රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටියදී මාස 11ක් වයසැති තම පුතණුවන් මිය යාම පිළිබඳව උහුලා ගත නොහැකි වේදනාවකින් යුතුව පුතුගේ වියෝව පිළිබඳව අදහස් දක්වමින් ඩබ්ලිව්.ඒ. දිනේෂා රංගනී මෙසේ කීවාය.   


“මගේ පුතා අක්මා රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන්ගෙන් මම දැනගත්තා. ඒ සඳහා ශල්‍යකර්මයට රුපියල් ලකෂ 85ක් පමණ වැය වෙන බව වෛද්‍යවරු පැවසුවා. එම අක්මා බද්ධ ශල්‍යකර්මය ඉන්දියාවේ දී සිදුකළ යුතු බවත් වෛද්‍යවරු කීවා. ඊට පසු මමත් පවුලේ අයත් පොළවල් ගාණේ යමින් ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් එකතු කළත් අවශ්‍ය මුදල ලබාගත හැකි වූයේ නැහැ. පසුව මෙම සිද්ධිය විවිධ මාධ්‍යවල ප‍්‍රචාරය වීමෙන් පසුව අවශ්‍ය මුදල සොයා ගෙන ශල්‍යකර්මය කිරීමට සුද‌ානමින් සිටියදී අවාසනාවන්ත ලෙස දරුවා මිය ගියා. දරුවා බේරා ගන්න කරාපිටිය රෝහලේ සුජීව අමරසිංහ දොස්තර මහත්තයා ඇතුළු කාර්ය මණ්ඩලය ගොඩාක් වෙහෙස වුණා.”  

 

සතිස්මා දියණියගේ මව්පියන්ට මුදල් පරිත්‍යාග කරමින්...

 

“පුතාට රාගම රෝහලේ දී ප‍්‍රතිකාර ගැනීමේ දී තවත් එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන දරුවන් දෙදෙනකු හඳුනා ගත්තා. එම දරුවන්ට ඉන්දියාවේ දී අක්මා බද්ධ ශල්‍යකර්මය කිරීමට නියමිතව තිබෙනවා. මගේ දරුවා මියගිය නිසා එම දරුවාට ශල්‍යකර්මය කිරීමට රුපියල් ලක්ෂ 80 වැයවෙන නිසා මගේ පුතා වෙනුවෙන් එකතුවු මුදලින් රුපියල් ලක්ෂ 20ක් සහ අනිත් දරුවාට ලක්ෂ 15 බැගින් ලබා දුන්නා. මගේ එකම බලාපොරොත්තුව මගේ පුතාට සසරේදී කවරද‌ාවත් මෙවැනි අකල් මරණවලට මුහුණ පෑමට සිදු නොවේවායි ප‍්‍රාර්ථනා කිරීමයි.”  


“මේ මුදල් හොයාගන්න අපි නොවිඳිනා දුක් වින්ද‌ා. මේ වගේ දරුවන් රැකගන්න දුක් විඳින අම්මලා, තාත්තලා කොච්චර ඇත්ද...... මේ වගේ දරුවන්ගේ ලෙඩවලට, සැත්කම්වලට රාජ්‍ය අරමුදලක් රටේ තිබෙනවා නම් ගොඩාක් වටිනවා.”  


දිනේෂාගේ සැමියා වන අසංක ගමගේ මහතා : “මේ පින් බලෙන් පුංචි සඳනෙත් පුතේ ඔයාට මේ සංසාරයේ කිසිම භවයක අඩු ආයු කාලයක් නොම වී නීරෝගී සම්පත් ලැබ නිවන් අවබෝධ වෙන්නට මේ පින් හේතු වේවා කියා පුතාගේ අම්මයි තාත්තායි පුතාගේ ඉක්මන් සුවය පතා වෙහෙසුණු, මුදල් පරිත්‍යාග කරපු සියලු දෙනා ප‍්‍රාර්ථනා කරනවා පුතේ......”  


“සඳනෙත් පුතා වෙනුවෙන් මුදලින් උදව් කරපු, වචනෙකින් හෝ උදව් කරපු හැම කෙනෙකුටම මේ පින ඔවුන්ගේ ජීවිතවලට යහපතක්ම වේවා සහ නිවන් මග අවබෝධ වන්නට හේතු වේවා කියා පතනවා.”

 
මුදල් පරිත්‍යාග කරන අවස්ථාවේදී සඳනෙත් පුතාගේ මවගේ සහ පියාගේ දෙනෙත්වලින් කඳුළු බිඳු වැගිරෙන්නට විය. සැබවින්ම හැඟුම්බර අවස්ථාවක් වූ එම අවස්ථාවේ දී සඳනෙත් ලාලිත පුංචි දරුවාට පිං ලැබේවායි කියා ප‍්‍රාර්ථනා කරමින් මොනරාගල සෙත්මිණී දියණියගේගේ සහ රාගම චෙනුති සතිස්මා යන දියණියගේ දෙමව්පියන් ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේ, තමන්ගේ අතට ලැබුණු මුදලක් අන් අයගේ දරුවන් ජීවත් කරවීම සඳහා ලබා දුන් මේ දෙමාපියන් සියලු දෙනාට ආදර්ශයක් බව මුමුනමිනි. 

 

 

 

සටහන සහ ඡායාරූප
උඩුගම රවී ලියන්ගේ



අදහස් (0)

දරුවා බේරාගන්න ලැබුණු ආධාර වෙනත් දරුවන්ට පිරිනැමූ මව්පිය යුවළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site