(යොහාන් භාසුර)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ‘හම්බන්තොට වරාය කාර්මික උද්‍යානයෙන්’ වසරක් ඇතුළත ගෘහ උපකරණ නිෂ්පාදනය සහ වෙළඳාම ආරම්භ කළ හැකි යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය හමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසීය.
එහි ෂින්ජි “ඉලෙක්ට්‍රොනික් සැකසුම් කලාපය” ඉදිකිරීමෙන් අනතුරුව එය ගෘහ උපකරණ නිෂ්පාදනය හා වෙළඳාම ස්වාධීනව සිදුකිරීමේ වේදිකාව වනු ඇති බවත් ප්‍රමිතියකට කම්හල් ඉදිකිරීම, බදුදීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතු සිදුකරන ව්‍යාපාර සඳහා ‘එක නැවතුම්පොළ සේවා’ ස්ථානයක් බවට පත්වන බවත් ජොන්සන් ලියු මහතා කීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය හමූහය පවසන්නේ නවීණ ප්‍රමිතිගත කර්මාන්ත ශාලා ඉදිකිරීම ආරම්භ කර ඇති බවත් මාස 12 ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd