(ඉන්දිකා රාමනායක)
නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ සිද්ධියට හිටපු සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන සොත්ති උපාලිගේ පුතා ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය .
එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මිරිහාන මුලස්ථාන පොලිසිය මගින් ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් දා 18 වැනි දින අලුයම පස් දෙනකුගෙන් සමන්විත දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තියුණු ආයුධ රැගෙන ඉන්ධනහලට කඩා කඩාවැදී එහි සේවකයන්ට පහර දී රුපියල් 2,50,000ක මුදලක් කොල්ල කා කොල්ලකා පලාගොස් තිබිණි.
විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd