(ඩයනා උදයංගනී)
පොලීසිය විසින් අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති කොවිඩ් වසංගතය නිසා ගෙවීම් පමා වූ රථ වාහන දඩ මුදල් ගෙවීමේදී සහනයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇතැයි තැපැල්පති, රංජිත් ආරියරත්න මහතා පවසයි.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දඩ පත්‍රිකා ගෙවීමට ඇති දින 14ක කාල සීමාව ඉක්මවා ගිය ද අතිරේක දඩමුදලක් රහිතව ඕනෑම තැපැල් කාර්‍යාලයකින් එම මුදල ගෙවීමට හැකි බවය.
එම සහන කාලය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවද තැපැල්පතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd