(ටී.කේ.ජී.කපිල )
ජපානයේ ටෝකියෝ පැරලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය අද (07) සවස කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණි ක්‍රිඩකයින් ඇතුළු පැමිණි පිරිස උණුම් අයුරින් පිළිගනු ලැබූහ.
ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරණ මෙම ගුවන් යානයෙන් ඔවුහු මෙලෙස පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd