(ඉන්දිකා රාමනායක)
බලපත්‍ර නොමැතිව කොල්ලුපිටිය පවත්වාගෙන ගිය නීති විරෝධී චීන කැරොකේ සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
චීන ජාතික කාන්තාවක් විසින් මෙම කැරොකේ සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවත් අත්අඩංගුවට ගත් 12 දෙනෙකු ම ඇයට ආධාර අනුබල ලබා දුන් චීන ජාතිකයන් බවද පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ තිබී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 490 ක්, විවිධ වර්ගයේ විදෙස් දුම්වැටි 100 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ස්ථානයේ කැරොකේ සමාජශාලාවක් පවත්වාගෙන යාමට හා මත්පැන් අලෙවි කිරීම මොවුන් කිසිදු බලපත්‍රයක් නොමැති බවද පොලිසිය කියයි.
මොවුන් සති කිහිපයක සිට මෙම මෙම කැරොකේ සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වු බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd