(බිඟුන් මේනක ගමගේ)
2020 රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ දී අයදුම් කළ හැකි උපරිම වයස් සීමාව ලෙස 35 යෙදීම ඉවත්කර රැකියා විරහිත උපාධිධාරී සැමට අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය හා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේදී යොදා ඇති අවුරුදු 35 වයස් සීමා කොන්දේසිය ඉවත් නොකළහොත් 2013/2014 අධ්‍යයන වර්ෂවල බාහිර උපාධිධාරීන් සියලු දෙනාට දැඩි අසාධාරණයක් සිදුවන්නේ යැයි ඔවුහු පවසති.
පැවැති ආණ්ඩුව උපාධිධාරින්ට රැකියා දීමේදී 2013/2014 බාහිර උපාධිධාරීන් 2018 වර්ෂයේ දී බඳවා නොගැනීමෙන් එම උපාධිධාරීන්ගේ වයස් සීමාව මේ වනවිට අවුරුදු 35 ඉක්මවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම සංවිධාන පවසයි.
පැවැති ආණ්ඩුව මෙම තත්ත්වයට සෘජුව වගකිව යුතු යැයි ද නව ආණ්ඩුව රැකියා සඳහා බඳවාගැනීම් ක්‍රියාවලියක් ආරම්භ කළ ද 2020 පෙබරවාරි 07 සිට 14 දක්වා දින හතක් වැනි ඉතා සීමිත හා කෙටි කාලසීමාවක් යටතේ අයදුම්පත් කැඳවීම හා වයස් සීමා පැනවීම ඇතුළු කොන්දේසි කීපයක් මගින් නැවතත් උපාධිධාරීන් විශාල සංඛ්‍යාවකට අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති.
මෙම ඉල්ලීම් විධිමත් ලෙස කිරීම සඳහා ජනාධිපතිවරයාට ඒකාබද්ධ සංදේශයක් බාරදීමට තීරණය කර ඇතැයි ද රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය හා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව වැඩිදුරටත් පවසයි.
COMMENTS
එහෙම වයස වැඩිකළාම දැනට රැකියා කරන අයත් ඉල්ලුම් කරනවා. එතකොට තවත් වැඩි වෙනවනේ...
ඔව් ඔව් 50 කට්ටියටත් ඉල්ලන්න කියමු. 55 වෙනකොට ෆුල් පැන්ෂන් ලබාගන්න පුළුවනි නේද?
දැනට ඉන්න රංචුවත් දෙගුණෙකටත් වඩා වැඩි එකේ, කරන්න වැඩක් නැතුව ගෙවල්වලට වෙලා පිංපඩි ගන්න එකේ තවත් බඳවාගන්නේ මොකටද මන්දා...
55 වෙනකම් ඉල්ලුම් කළහැකි පරිදි දීර්ඝ කරන්න ඕනෑ. අවුරුදු 5ක් තිබුණාම ඇති වැඩකරලා අර දියවන්නාවේ කට්ටියට වගේ පැන්ෂන් ගන්න.
වයස් සීමාවල් නැති කරන්න. රටේ ඉහළ තනතුරු දරන නායකයෝ වෙන්න වයස් සීමාවක් නැතිකොට රටේ සාමාන්‍ය රැකියාවල් වලට මොකටද වයස් සීමාවල් ?
ඕක අවරුදු 45 වෙනකම් විතර ඉහල දමන්න , එතකොට අවරුදු 10 විතර රජයේ කන්තෝරුවක නිදි කිර කිර ඉඳලා, 55 විශ්‍රාම ගිහින් , සම්පුර්ණ විශ්‍රාම වැටුපම ජීවිතාන්තය දක්වා අවරුදු 20-30 ගන්න පුළුවන්, රජයේ සේවයට බඳවා ගන්න වයස අනිවාර්යයෙන්ම 28 දක්වාවත් පහල දමන්න ඕනේ, නැතිනම් උපාධිය කලට වෙලාවට සම්පුර්ණ කරගන්නේ නැතුව විශ්ව විද්‍යාලේ උද්ගෝෂණ වර්ජන කර කර ඉඳලා වයසට ගියහම රජයේ සේවය බලාපොරොත්තු වෙනවා.