(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් දර්ගා නගරයේ ,අඹගහ හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අළුත්ගම පොලිස් වසමේ පිංහේන ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගෙ මෘත ශරීරය භුමදානය කිරිමට අදාළ මරණ සහතිකය නිකුත් කිරීම වෙනුවෙන් සැකකාර මරණ පරීක්ෂකවරයා මිය ගිය පුද්ගලයාගේ පාර්ශවයෙ අයෙකුගෙන් අදාල අල්ලස් මුදල වන රු.3000 ලබාගනිද්දී අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකාර හදිසි මරණ පරීක්ෂකවරයා අළුත්ගම පොලිස් වසමේ පදිංචිකරුවකු බවත් , ඔහු විශ්‍රාමික රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින් හදිසි මරණ පරීක්ෂක ධූරයෙ බේරුවල හදිසි මරණ පරීක්ෂක වරයා වශයෙන් කටයුතු කර තිබේන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.