(කාංචන කුමාර ආරියදාස)
ලෝක සංචාරක දිනය නිමිතිකර ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම 5 ට සංචාරකයන්ට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ .
බොහෝ සංචාරකයන් අලුයම් කාලයේ පිදුරංගල ගල ට නැග ඉරපායන දසුන නරඹන බවත් ඊට සමගාමීව සීගිරි පව්ව මත හිඳ ඉර පායන දසුන් නැරඹීම සඳහා සංචාරකයන්ට මෙදින අවස්ථාව ලබා දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරියේ ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
සාමාන්‍ය පරිදි සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන්නේ උදෑසන හතේ සිට පස්වරු 5.00 දක්වා කාලසීමාව තුළදීය . ලෝක සංචාරක දිනය දා දෙස් විදෙස් සංචාරකයන්ට අලුයම 5 සිට සීගිරි පව්ව මතට නැඟීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ලෝක සංචාරක දිනය සැමරීම සඳහා සීගිරිය අවට සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ද මෙදිනට සංවිධානය කොට තිබේ . ඊට අමතරව දිළිඳු පවුලකට නිවාසයක් ඉදි කර එය පරිත්‍යාග කිරීම ද සීගිරිය පොලිසිය මධ්‍යම සංස්කෘතික අරමුදල සහ රාජ්‍ය ආයතන කීපයක් එක්ව සිදු කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
27 වැනිදා අලුයම 5 ට සීගිරිය විවෘත කරයි