(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු නියාමක, දුම්රිය පාලක සහ ස්ථානාධිපතිවරු ලබන 24 දා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීකරණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.
දුම්රිය ශ්‍රේණි විෂමතා ඉවත් කිරිමට 2018 මැයි 16 දා අනුමත වූ කැබිනට් පත්‍රිකාව වහා ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් වර්ජනයේ යෙදීමට තීරණය කර තිබේ.
COMMENTS
ඡන්ද කිට්ටුවෙනකොට හැම කෙනාම වර්ජනේ.
ලංකාවේ අන්‍යනයතාවය මන් හිතන්නේ වර්ජනය එක.
පොහොට්ටුවේ කට්ටිය දැන්ම වැඩේ පටන් අරන් තියෙන්නේ... මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා කරවන්න.
හොස්ස ලඟින් මැස්ස යනකොට අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම රජයේ සේවකයෙක්ම වැඩ වර්ජනයට එනවා. මහජනයාට ඇතිවන වේදනා අපහසුකම් මොවුන් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. කීයක් හරි සාක්කුවට දමා ගන්න එක තමා මේ වර්ජන වල මුලික අදහස. දැන්වත් රටේ වැඩකරන ජනතාව ගැන හිතන ජනාධිපති වරයෙක් පත්කරගෙන, ජනතාව අපහසු තාවයට පත්නොවන රජයක් පත්කරගෙන, හෙදසේවා, ගමනාගමන, ඉන්ධන සැපයුම් සහ වෙනත් සේවා ඉක්මනින් "අත්‍යාවශ්‍ය" සේවා හැටියටගැසට් කිරීමට පුළුවන් රජයක් තෝරාගැනීමට චන්ද දායකයන් උත්සුක විය යුතුය !!!!!