IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලංකාවේදී

(හර්ෂණ තුෂාර සිල්වා)

‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (03) නිවේදනය කළේය.

ඒ අනුව වෝග් ජුවෙලර්ස්, කිංග්ස්බරි හෝටලය සහ ජීෆ්ලොක් යන සමාගම්වල ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් මේ වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘ලෝක විවාහක රූ රැජින-ශ්‍රී ලංකා’හි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගම ‘ලෝක විවාහක රූ රැජින 2021’ තරගාවලියේ සම සංවිධායකත්ය හොබවති.

‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කළේ වසර 35කට පසු ‘ලෝක විවාහක රූ රැජින’ කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන් කැරෝලයින් ජූරිය. ඉකුත් වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින 2020 තරගාවලියේදී කිරුළු පැළැඳීමට සමත් වූවාය. ඒ බව නිවේදනය කිරීමේ අවස්ථාවට ‘ලෝක විවාහක රූ රැජින 2018 තරගාවලියේ’ කිරුළ දිනූ ඇලිස් ජී ජෙනාටා ද එක්ව සිටියාය. ‘ලෝක විවාහක රූ රැජින’ සංවිධානය නියෝජනය කරමින් ඇය මෙම අවස්ථාවට එක්ව සිටියාය.

1984 වසරේදී කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පළමු වරට ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්වූවාය. ලෝක විවාහක රූ රැජින තරගාවලියක් පැවැත්වුණු පළමු අවස්ථාව එය වූ අතර ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හිදී එම තරාගවලිය පැවැත්විණි.

පසුගිය වසර කිහිපයේදී ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, හවායි, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, රුසියාව, වියට්නාමය, චීනය, දකුණු කොරියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලදී ලෝක විවාහක රූ රැජින තරගාවලි පවත්වා ඇත.

ලොව පුරා රටවල් 80ක ලෝක විවාහක රූ රැජින සංවිධානයේ අධ්‍යක්ෂවරු සිටිති. ඒ අනුව කොළඹ දී පැවැත්වෙන ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලියට’ රටවල් 80ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී වනු ඇත.

‘ද ලයිට්හවුස් ඕඩියෝ විෂුවල්’ සමාගම මෙම තරගාවලියේ අලෝක හා ශබ්ද අනුග්‍රාහකත්වය සපයයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට ‘වෝග් ජුවෙලර්ස්’ හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ උදාර කරුණාතිලක, ‘කිංග්ස්බරි හෝටලයේ’ අධ්‍යක්ෂ - මහජන සබඳතා අමන්දා ප්‍රනාන්දු, ‘ලෝක රූ රැජින- ශ්‍රී ලංකා ජාතික සංවිධායක’ චන්දිමාල් ජයසිංහ, ‘ජීෆ්ලොක් ක්ලෝතින්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රනිල් විල්ලදරගේ, ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගමේ ඉසව්-අධ්‍යක්ෂ රිෂිනි වීරරත්න සහ ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගමේ අධ්‍යක්ෂ - මහජන සබඳතා මිනෝලි රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

(ඡායාරූප  - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (5)

2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලංකාවේදී

menna Tuesday, 03 March 2020 02:03 PM

ලංකාවට හරියන්නේ විවාහක රූ රැජින තරගාවලි විතරයි.

:       1       2

Nuwan Tuesday, 03 March 2020 02:39 PM

පින්තුර දැක්කම වෙන මොකක් හරි සම්මේලනයක් කියලා හිතෙනවා!

:       0       0

Pradeep Tuesday, 03 March 2020 05:04 PM

එච්චරයි රටට අඩුවෙලා තිබුනේ.. දැන් එකත් හරි..

:       1       8

Chica vipula Tuesday, 03 March 2020 11:54 PM

ජේවීපී එකෙන් ඇහුවේ නැද්ද?

:       48       8

sharm warn Wednesday, 04 March 2020 04:41 AM

කොරෝනා වලට බයේ වෙන්න ඇති … කමක් නැහැ අපේ සංචාරක කර්මාන්තෙට වත් උදව්වක් වෙන්නේ නැතැයි ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 668 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site