(හර්ෂණ තුෂාර සිල්වා)
ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය.
අධිවේගී මාර්ගවල දැනට ක්‍රියාත්මක වන මුදල් මගින් ගාස්තු ගෙවීම ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දක්වා වැඩි දියුණු කරමින් තිබෙන බවත් 2020 වනවිට සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කීය.
ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වන්නේ කටුනායක අධිවේගී මාර්ගය තුළ පමණක් බව කී ඕපනායක මහතා වඩාත් වැඩිදියුණු කරන ලද ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමක් යටතේ වාසි රැසක් ලැබිය හැකි බව ද කීවේය.
ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකම ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන බවත් එම ක්‍රමය භාවිත කරමින් ගෙවීම් කරන මඟීන්ට විශේෂ වට්ටම් ලබාදීමේ හැකියාවක් ඇති බවත් හෙතෙම කීය.
එක් අධිවේගී මාර්ගයකින් ඇතුළු වූ පසු අනෙක් අධිවේගී මාර්ගවල මෙම පහසුකම භාවිත කළ හැකි අතර කෙටි පණිවුඩ මගින් ගෙවීම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ද ඕපනායක මහතා පැවැසීය.
මේ සඳහා විශේෂ (එන්.එෆ්.සී) කාඞ්පතක් නිකුත් කිරීමට නියමිතය. කටුනායක අධිවේගී මාර්ගය සඳහා දැනට ඇති ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් ලබාගැනීම සඳහා කැලණිය තොරණ හන්දිය, ජා ඇල හා සීදූව හුවමාරු මධ්‍යස්ථානවල පාරිභෝගික මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ඔහු කීවේය.
අන්තර්ජාලය ඔස්සේ www.exway.rda.gov.lk වෙබ් අඩවියට පිවිස ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමට ලියාපදිංචි විය හැකි බවත් කාඞ්පත රථයේ සවි කිරීමට පමණක් ඉහත ස්ථානවලට පැමිණීම ප්‍රමාණවත් යැයි ද ඕපනායක මහතා කීය.
වැඩිදුර විස්තර 1969 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ඕපනායක මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
අධිවේගී මාර්ග භාවිත කරන වාහන වලට යුරෝපයේ ක්‍රියාත්මක වන විදිහට, අව්රුද්දකටම වලංගුවන ස්ටිකරයක් ඇලවීම කල හැකි නොවේද ? එතකොට වැඩි දෙනෙක් අධිවේග මාර්ග භාවිත කරාවී.
de silva මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ යෝජනාව වැදගත් මෙන්ම නිතරම එම මාර්ගය භාවිතා කරන්නන් හට එය මහත් පහසුවකි. එහෙත් කීයෙන් කීදෙනෙක් ඒ පිළිබඳව සතුට පල කරයිද? ක්‍රියාත්මක කිරීමට උදව් කරයිද යන්න ගැටළුවක්... මොකද වැඩිදෙනෙකු සිටින්නේ බෑ. කියාගත් ගමන්මනේ..
අධිවේගී මාර්ග භාවිතා කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික හෝ පෙරගෙවුම් මත පදනම් වූ ස්ටිකර හාවිතා කළහැකි මුත්, එවැනි ක්‍රම තුළින් දැනට කවුන්ටර් වල සේවය කරන තරුණ තරුණියන්ගේ රැකියා අහිමිවීමට ඉඩකඩ ඇති බැවින්, මගේ අදහස දැනට ලංකාවේ තිබෙන ක්‍රමය අපට වඩා යෝග්‍ය යයි කියායි.
අනුන් හදපු අධිවේගී පාරවල්වලට ඕගොල්ලෝ ඉලෙක්ට්‍රොනික් ගැජට් හයි කරන්නත් එපා... ඒ ගොල්ලන්ගේ යෝජනා ක්‍රියාත්මක කර විවෘත කරන්නත් එපා. ඔබලාම යෝජනාකර, නිමකර අධිවේගී මාර්ග 2020 දී විවෘත කර ඉලෙක්ට්‍රොනික් ගැජට් සවිකරන්න.
පරිගණකය බූස්ට් වෙනකම් ඉවසන්න බැරි, අධිවේගී කවුන්ටරයේ මුදල් ගෙවීමට විනාඩි කීපය ඉවසන්න බැරි අපේ වැඩ කොතරම් ප්‍රමාදද. අධිවේගයේ කොට්ටාව දොරටුවෙන් ඉලෙක්ට්‍රොනික් ගැජට් එක ඇද ඉක්මනින් එලියට පැන්නාට කොට්ටාවේ සිට කොළඹට එන්න කොපමණ වෙලා යනවාද?
වාර්ෂික පෙරගෙවුම් ස්ටිකරයක් හදුන්වා දුන්නොත් කූඩු වල සිටින සියලු දෙනාටම රැකියා අහිමි වෙන්නේ නැහැ. 50% විතර රැකියාව අහිමි වේවි. හේතුව හදිසියේ මෙම ඉලෙක්ට්‍රොනික් පද්ධතියේ දෝෂ හෝ වෙනයම් ප්‍රශ්නයක් ඇති වුනොති එක්කෙනෙක් මෙතන ඉන්න ඕනේ නිසා සහ මෙම පෙරගෙවුම් ස්ටිකරය මුදල් ගෙවලා ලංකාවේ සියලු වාහන වලට මිලදී ගන්න එකක් නැහැ. දැනට අධිවේග මාර්ග තිබෙන්නේ දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පමණක් නිසා උදාහරණයක් ලෙස ත්‍රිකුණාමලේ හෝ යාපනේ සිටිනා කෙනෙකුට වාර්ෂික බලපත්‍රයක් ගන්න එක අනවශ්‍යය. අතරින් පතර ස්ටිකර් නැති වාහන ආවහම ඔවුන්ට මැනුවල් ක්‍රමයට බිල ගෙවන්න කෙනකුත් සිටිය යුතුය. අතිරික්තයක් ලෙස ඉතුරුවන 50% පුහුණුකර අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු වැනි දේකට යොදාගන්න පුළුවන්. ඉදිරියට මාර්ගය හැදෙන කොට ඔවුන්ව කැමතිනම් ඔවුන්ව නැවතත් කුඩු වලට අනුයුක්ත කරන්න පුළුවන්.
රටක ශ්‍රම බලකායේ වැදගත්ම කොටස වන තරුණ තරුණියන් කූටි වල වාඩිකර තැබීමෙන් රටක් දියුණු නොවේ. මෙවැනි වාඩිවී කරන රැකියා සදහා අබාධිතයන් යොදාගත හැක,
මෙම ක්‍රමය ඩුබායි වල භාවිතා කරන්න පටන් ගත්තේ මීට අවරුදු 14 කට විතර ඉස්සර. අපේ මේ ක්‍රමය පටන් ගන්න තිබුනේ මුලදීම. මෙතන වෙන්නේ වාහනේ වින්ඩ්ස්ක්‍රින් එක උඩ පොඩි කාර්ඩ් එකක් අලවනවා මික්රෝෆෝන් එකක් එක්ක. එකට අදාළ අංකය ඔබට ලැබෙනවා කාර්ඩ් එක මිලදී ගන්න විට. ඊට පස්සේ වෙන්නේ ඔබට අවශ්‍ය ප්‍රමාණයට මුදල් රීලොඩ් කරගන්න පුළුවන්. අධිවේගී මාර්ගයේ එකේ ඇතුල්වීමේ පර්යන්තයට උඩින් හැම ගේට්ටුවක් ඉහලින්ම කැමෙරා සෙට් කරලා තියෙනවා. ඔබ අධිවේගී මාර්ගයේ ඇතුලට යන විට ඉන් පිටවෙන විටදී ඔබ ගමන් ගත් දුර ප්‍රමාණය අනුව ඔබේ කාර්ඩ් පතෙන් ඊට අයත් මුදල් ප්‍රමාණය කැපී යනවා ඇත.