IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


2020 දී අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය.

අධිවේගී මාර්ගවල දැනට ක්‍රියාත්මක වන මුදල් මගින් ගාස්තු ගෙවීම ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දක්වා වැඩි දියුණු කරමින් තිබෙන බවත් 2020 වනවිට සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කීය. 

ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වන්නේ කටුනායක අධිවේගී මාර්ගය තුළ පමණක් බව කී ඕපනායක මහතා වඩාත් වැඩිදියුණු කරන ලද ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමක් යටතේ වාසි රැසක් ලැබිය හැකි බව ද කීවේය.

ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකම ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන බවත් එම ක්‍රමය භාවිත කරමින් ගෙවීම් කරන මඟීන්ට විශේෂ වට්ටම් ලබාදීමේ හැකියාවක් ඇති බවත් හෙතෙම කීය.

එක් අධිවේගී මාර්ගයකින් ඇතුළු වූ පසු අනෙක් අධිවේගී මාර්ගවල මෙම පහසුකම භාවිත කළ හැකි අතර කෙටි පණිවුඩ මගින් ගෙවීම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ද ඕපනායක මහතා පැවැසීය.

මේ සඳහා විශේෂ (එන්.එෆ්.සී) කාඞ්පතක් නිකුත් කිරීමට නියමිතය. කටුනායක අධිවේගී මාර්ගය සඳහා දැනට ඇති ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් ලබාගැනීම සඳහා කැලණිය තොරණ හන්දිය, ජා ඇල හා සීදූව හුවමාරු මධ්‍යස්ථානවල පාරිභෝගික මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ඔහු කීවේය. 

අන්තර්ජාලය ඔස්සේ  www.exway.rda.gov.lk  වෙබ් අඩවියට පිවිස ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමට ලියාපදිංචි විය හැකි බවත් කාඞ්පත රථයේ සවි කිරීමට පමණක් ඉහත ස්ථානවලට පැමිණීම ප්‍රමාණවත් යැයි ද ඕපනායක මහතා කීය.

වැඩිදුර විස්තර 1969 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ඕපනායක මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (23)

2020 දී අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක්

de silva Wednesday, 20 February 2019 01:47 PM

අධිවේගී මාර්ග භාවිත කරන වාහන වලට යුරෝපයේ ක්‍රියාත්මක වන විදිහට, අව්රුද්දකටම වලංගුවන ස්ටිකරයක් ඇලවීම කල හැකි නොවේද ? එතකොට වැඩි දෙනෙක් අධිවේග මාර්ග භාවිත කරාවී.

:       275       1410

Raveendra Wednesday, 20 February 2019 02:10 PM

de silva මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ යෝජනාව වැදගත් මෙන්ම නිතරම එම මාර්ගය භාවිතා කරන්නන් හට එය මහත් පහසුවකි. එහෙත් කීයෙන් කීදෙනෙක් ඒ පිළිබඳව සතුට පල කරයිද? ක්‍රියාත්මක කිරීමට උදව් කරයිද යන්න ගැටළුවක්... මොකද වැඩිදෙනෙකු සිටින්නේ බෑ. කියාගත් ගමන්මනේ..

:       1       164

lanka Wednesday, 20 February 2019 02:40 PM

අධිවේගී මාර්ග භාවිතා කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික හෝ පෙරගෙවුම් මත පදනම් වූ ස්ටිකර හාවිතා කළහැකි මුත්, එවැනි ක්‍රම තුළින් දැනට කවුන්ටර් වල සේවය කරන තරුණ තරුණියන්ගේ රැකියා අහිමිවීමට ඉඩකඩ ඇති බැවින්, මගේ අදහස දැනට ලංකාවේ තිබෙන ක්‍රමය අපට වඩා යෝග්‍ය යයි කියායි.

:       147       116

RaveendraWednesday, 20 February 2019 04:37 PM

lanka මයා වෙත, පෙරගෙවුම් මත පදනම් වූ ස්ටිකර හාවිතා කිරීමෙන් කවුන්ටර්වල සේවය කරන තරුණ තරුණියන්ගේ රැකියා අහිමිවීමක් වෙන්නේද යන්න සැකසහිතයි. මක්නිසාදයත් මෙම මාර්ගය එදිනෙදා භාවිතා කරන මගීන්ට තම වාරය එනතෙක් කවුන්ටර් පෝලිමේ සිටීමට සිදුනොවෙන අතර අනිකුත් මගීන්ට එමගින් පහසුවක් නොවන්නේද? කවුන්ටර්වල සේවය කරන්නන් හට එයා පහසුවක් නොවන්නේද? එමගින් රැකියා අහිමිවේද?

:       0       130

AmilaWednesday, 20 February 2019 04:57 PM

වෙනස් වන ලෝකයේ අපද කාලයට උචිත ලෙස වෙනස් වෙන්න ඕනෑ. අලුත් රැකියා බිහිවෙනවා වගේම යල් පැන ගිය රැකියා සහ ව්‍යාපාර නැතිවෙන එක සාමාන්‍ය දෙයක්...

:       0       86

AsankaWednesday, 20 February 2019 05:33 PM

අවාසනාවකට අපේ රටේ පමණක් ඇති "විශ්‍රාම වැටුප ලැබෙන නිසා රජයේ රැකියා පමණක් සොයමි " මානසිකත්වය නිසා ඕනෑම තාක්ෂණයකට විරුද්ධ වැඩි පිරිසක් ඉන්නවා

:       0       93

Bamunuarachchi Wednesday, 20 February 2019 04:16 PM

අනුන් හදපු අධිවේගී පාරවල්වලට ඕගොල්ලෝ ඉලෙක්ට්‍රොනික් ගැජට් හයි කරන්නත් එපා... ඒ ගොල්ලන්ගේ යෝජනා ක්‍රියාත්මක කර විවෘත කරන්නත් එපා. ඔබලාම යෝජනාකර, නිමකර අධිවේගී මාර්ග 2020 දී විවෘත කර ඉලෙක්ට්‍රොනික් ගැජට් සවිකරන්න.

:       156       84

diasWednesday, 20 February 2019 05:18 PM

එහෙම නම් ඉතින් ඔය මහවැලි ව්‍යපෘතියත් එජාපෙ රජය තිබුණු කාලේ විවෘත කල ව්‍යාපාරයක් නිසා, මහින්දගේ ආණ්ඩු කාලෙදී මහවැලි කලාපවල ගොවිතැන් කරපු එකත් වැරදිද?

:       104       326

Nandalal DE SILVA - FranceWednesday, 20 February 2019 08:10 PM

මම අසා තිබෙන විදියට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ බොහෝ කලකට පෙරයි! එතකොට රාජපක්ෂ පවුල් සංස්ථාව අධිවේගී මාර්ග ගැන හීනෙන්වත් දැකල තිබුනේ නැතිලු. එජාප රජයේ ජේ.ආර්.මැතිදුන් සහ ඊට පසුව බලයට පැමිණි චන්ද්‍රිකා මැතිණියගේයෝජනා උනේ මංතීරු 3 බැගින් යුත් මීට වඩා කාර්යක්ෂම අධිවේගී මාර්ග ජනතාවට ලබා දීමයි. රටේ අවාසනාවට මෙන් බලයට පැමිණි රාජපක්ෂ වරුන් ඒවා මංතීරු 2කට සීමා කරාලු ...

:       2       1

BamunuarachchiThursday, 21 February 2019 07:06 AM

සිහින මව මව ඉන්න එකද අමාරු සිහින යතාර්ථයකට ගෙනෙන එකද අමාරු කාර්ය. ජේ ආර් යුදය නිම කොරන්නත් සිහින මැව්වා, අධිවේග මවන්නත් කාලයක් සිහින මැව්වා නමුත් එකක්වත් කර ගන්න බැරි උනා මහින්ද මහතා බලයට පත් වී අවුරුදු 5න් යුද්දයත් නිමකර අධිවෙගත් නිමකර ඔබකියන විදිහට කාගේවත් සිහින සැබෑ කෙරුවා. කාටද ආඩම්බර? වැඩකාරයා කව්ද? පපුවට අත තියල්ල උත්තර දෙන්න.

:       2       78

shehan yapaThursday, 21 February 2019 07:37 AM

සිහින මවන්න කාටද බැරි. එත් unp මිනිස්සුන්ට ඒවා කරගන්න හැකියාවක් නෑ.

:       0       1

BamunuarachchiThursday, 21 February 2019 09:32 AM

ඩි සිල්වා මහතා ඉංග්‍රීසි කියමනක් තිබෙනවා " ගිව් ද ඩෙවල් හිස් ඩියු" කියලා. පක්ෂය කුමක් උනත් මහින්ද මහතාගේන් කරුණු සේවය අගයන්න, රනිල්ගෙන් එවැනි සේවයක් රටට නොවුණු බවට අපි දෙදෙනාගේම හෘදය සාක්ෂි දරනවා ඇති.

:       5       1

AbaranWednesday, 20 February 2019 08:24 PM

ඔන්න ඔය ආකාරයේ අදහස් දේශපාලුවන්ගේ මැටි ඔළුවල පවා තිබෙන නිසා තමයි අපිට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ. එතකොට මොන පාට ආවත් රටට හිතකර දේවල් ක්‍රියාත්මක වේවි.

:       0       1

chandimaThursday, 21 February 2019 01:30 AM

සංවර්ධනයට දෙපැත්ත බෙදෙන්න ගියොත් රට හැමදාම එක තැන. අපි එක පක්ශේට නැතිනම් එක නායකයෙකුට බැන්නට සංවර්ධනයේදී එක මතයක පිහිටිය යුතුයි. නැතිනම් හැමදාමත් අනාතයි. මිට අවුරුදු පනහකට කලින් අනිත් දියුණු රටවල් කරපු දේවල් , මිට අවුරුදු විසිපහකට කලින් අපි කරන්න තිබුණු දේවල් කවුරුන් හෝ කරනවානම් පක්ෂ පාට නොබලා එයට සතුටු විය යුතුයි නේද? මේ කියන්නේ මම රනිල්ට හෝ ඔහුගේ රජයට තඹ සතේකටවත් කැමැත්තක් ඇති බවක් කියා වරදවා වටහා ගන්නට එපා. එදා ඩඩ්ලි රජය යටතේ පටන්ගත් කොළඹ ක්‍රමය නම් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රති විරුද්ධ ජනතා ප්‍රවාහයට අනුකුලව පිහිටවූ නෙකුත් ආණ්ඩු වලිනුත් ඉදිරියටම ගෙන ගියානම් අද අප ලෝකයේ පුර්ණ සංවර්ධිත රටක්. වරද තියෙන්නේ කරන්න යන දේ කොයි තරම් නිවැරදි උනත් ට්‍රුම්ප් වගේම රනිලුත් ඒක නිසිලෙස ජනතාවට ඉදිරිපත් කිරීමට නොදන්නා නායකයින් වීමයි.

:       0       1

BamunuarachchiThursday, 21 February 2019 07:15 AM

මම මෙතන අදහස් කලේ කාගේවත් ව්‍යාපෘතිවලින් තමන්ගේ තරම පෙන්වන්න එපා තමන්ගේම ව්‍යාපෘති වලින් තමන්ගේ හැකියාව පෙන්වන්න කියා. වැරදි විදිහහට අදහස් තේරුම් ගැනීම ගැන කනගාටුවෙමි. තාත්තාගේ හෝ වෙන කෙනෙකුගේ සින්දු කියන ගායකයින්ට කියන්නේ තමාගේම නිර්මාණ ඉදිරිපත් කරන්න කියලානේද?

:       2       0

Bamunuarachchi Wednesday, 20 February 2019 06:00 PM

පරිගණකය බූස්ට් වෙනකම් ඉවසන්න බැරි, අධිවේගී කවුන්ටරයේ මුදල් ගෙවීමට විනාඩි කීපය ඉවසන්න බැරි අපේ වැඩ කොතරම් ප්‍රමාදද. අධිවේගයේ කොට්ටාව දොරටුවෙන් ඉලෙක්ට්‍රොනික් ගැජට් එක ඇද ඉක්මනින් එලියට පැන්නාට කොට්ටාවේ සිට කොළඹට එන්න කොපමණ වෙලා යනවාද?

:       122       104

de silva Wednesday, 20 February 2019 06:49 PM

වාර්ෂික පෙරගෙවුම් ස්ටිකරයක් හදුන්වා දුන්නොත් කූඩු වල සිටින සියලු දෙනාටම රැකියා අහිමි වෙන්නේ නැහැ. 50% විතර රැකියාව අහිමි වේවි. හේතුව හදිසියේ මෙම ඉලෙක්ට්‍රොනික් පද්ධතියේ දෝෂ හෝ වෙනයම් ප්‍රශ්නයක් ඇති වුනොති එක්කෙනෙක් මෙතන ඉන්න ඕනේ නිසා සහ මෙම පෙරගෙවුම් ස්ටිකරය මුදල් ගෙවලා ලංකාවේ සියලු වාහන වලට මිලදී ගන්න එකක් නැහැ. දැනට අධිවේග මාර්ග තිබෙන්නේ දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පමණක් නිසා උදාහරණයක් ලෙස ත්‍රිකුණාමලේ හෝ යාපනේ සිටිනා කෙනෙකුට වාර්ෂික බලපත්‍රයක් ගන්න එක අනවශ්‍යය. අතරින් පතර ස්ටිකර් නැති වාහන ආවහම ඔවුන්ට මැනුවල් ක්‍රමයට බිල ගෙවන්න කෙනකුත් සිටිය යුතුය. අතිරික්තයක් ලෙස ඉතුරුවන 50% පුහුණුකර අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු වැනි දේකට යොදාගන්න පුළුවන්. ඉදිරියට මාර්ගය හැදෙන කොට ඔවුන්ව කැමතිනම් ඔවුන්ව නැවතත් කුඩු වලට අනුයුක්ත කරන්න පුළුවන්.

:       1       48

de silva Wednesday, 20 February 2019 07:26 PM

රටක ශ්‍රම බලකායේ වැදගත්ම කොටස වන තරුණ තරුණියන් කූටි වල වාඩිකර තැබීමෙන් රටක් දියුණු නොවේ. මෙවැනි වාඩිවී කරන රැකියා සදහා අබාධිතයන් යොදාගත හැක,

:       0       411

sarathThursday, 21 February 2019 01:37 AM

ඕව තේරෙන්න දියවන්නාවේ ඉන්න අයට ඔලුවක් තියෙන්න ඕනේ නේ. පුලුවන්නම් තව ජොබ් දෙයි .

:       0       1

RaveendraThursday, 21 February 2019 02:20 AM

de silva මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. වැඩි දෙනෙකු ශ්‍රමය වැය නොකර මුදල් උපයා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බැවිනි. තරුණ කොටස් පමණක් නොව වැඩිහිටියන්ද මෙම ගණයට අයත් වනවා නොවේද ?? අප කිසිවකුට අපහස කරනවා නොව විශේෂයෙන් රජයේ කාර්යාලයට ගොස්හොදින් නිරීක්ෂණය කරන්න ඔබටම එය සත්‍යක් වෙනවා නොවේද ? මෙවන් තත්වයන් සමගින් රටක් කෙසේ දියුණු වන්නේද ? තවත් හොද උදාහරණයක් දියවන්නඔයේ "ගවරැල " නිරීක්ෂණය කරන්න එතන ද පිං මාමලා වැහි වැහෑලාය.

:       0       22

srilankanThursday, 21 February 2019 05:06 AM

සිල්වා මහතාණෙනි, ඔබේ අදහස ඉහලින්ම අගය කරමි, ඔබ වැනි අය සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේය

:       0       0

sandy123Thursday, 21 February 2019 07:59 AM

ඉතා හොද යෝජනාවක්. මෙය ක්‍රියාත්මක කරන්න හදන බලධාරීන්ට මෙය ඇස ගැටේවා! නමුත් බමුණුගේ එක අදහසක් මම අනුමත කරමි. අධිවේගී මාර්ගවල කාර්යක්ෂමතාවය මෙයින් ඉහල ගෙන යා හැකි නමුදු එතනින් එපිට ඇති මාර්ග වල ඇති තද බදයට ඉතා ඉක්මනින්ම කාලෝචිත විකල්පයක් නොසොයා අමතක කලොත් මෙයින් ලැබෙන මහගු වාසිය අපතේ යයි. මම කොට්ටාව - කඩවත අධිවේගී මාර්ගය බහුලව භාවිතා කරන බැවින් කොට්ටාවේ සිට මහරගම දෙසට සහ මහරගම දෙස සිට කොට්ටාවට සැහෙන වෙලාවක් ගත කරනවා. මෙයට වැයවෙන මුදල් නිසා ලැබෙන වාසියත් අපතේ යනවා.

:       0       1

rizwan Thursday, 21 February 2019 03:05 AM

මෙම ක්‍රමය ඩුබායි වල භාවිතා කරන්න පටන් ගත්තේ මීට අවරුදු 14 කට විතර ඉස්සර. අපේ මේ ක්‍රමය පටන් ගන්න තිබුනේ මුලදීම. මෙතන වෙන්නේ වාහනේ වින්ඩ්ස්ක්‍රින් එක උඩ පොඩි කාර්ඩ් එකක් අලවනවා මික්රෝෆෝන් එකක් එක්ක. එකට අදාළ අංකය ඔබට ලැබෙනවා කාර්ඩ් එක මිලදී ගන්න විට. ඊට පස්සේ වෙන්නේ ඔබට අවශ්‍ය ප්‍රමාණයට මුදල් රීලොඩ් කරගන්න පුළුවන්. අධිවේගී මාර්ගයේ එකේ ඇතුල්වීමේ පර්යන්තයට උඩින් හැම ගේට්ටුවක් ඉහලින්ම කැමෙරා සෙට් කරලා තියෙනවා. ඔබ අධිවේගී මාර්ගයේ ඇතුලට යන විට ඉන් පිටවෙන විටදී ඔබ ගමන් ගත් දුර ප්‍රමාණය අනුව ඔබේ කාර්ඩ් පතෙන් ඊට අයත් මුදල් ප්‍රමාණය කැපී යනවා ඇත.

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 76 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 216 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 139 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 367 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 732 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 561 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site