(අංජුල මහීක වීරරත්න)
21 වැනි ශතවර්ශයේ අභියෝග වලට මුහුණදීමට 20 වන ශත වර්ශයේ අධ්‍යාපනයට හැකියාවක් නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවැසීය.
ඒ සඳහා විසිඑක්වන සියවසට ඔබින නවීන අධ්‍යාපනයක් හඳුන්වා දිය යුතුව ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූවේ කුරුණෑගල විශ්වෝදා ජාතික පාසල විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
අධ්‍යාපන අමාතයාංශයේ ළඟම පාසැල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන දහසක වියදමකින් නවීන පහසුකම් සහිතව මෙම ජාතික පාසැල ඉදිකර තිබේ.
හය ශ්‍රේණියේ සිට ඉහළට පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ නවීන භාෂා ඇතුලූ විෂය මාළා නවීන තාක්ෂණික ක‍්‍රමවේද උපයෝගී කරගනිමින් ඉගැන්වීම විශේෂත්වයක් වෙයි.
ඩිජිටල් පුවරු උපයෝගී කරගනිමින් සිසු සිසුවියනට ඉගැන්විම් කරන අයුරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුක මැති ඇමතිවරුන්ගේ නිරික්ෂණයට ලක්වූ අවස්ථාව සහ විශ්වෝදා විදුහල ඡායාරූපවල දැක්වේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අභ්‍යන්තර කටයුතු ස්වදෙශ කටයුතු, පලාත් සභා සහ පළාත් පාළන රාජය අමාත්‍ය ජේසි. අලවතුවල, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බන්ඩාර, වයඹ පලාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න යන මහත්වරුද එම අවසතාවට සහභාගී වූහ.
ඡායාරූප : ශාන්ත රත්නායක
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
20 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපනයක් ඕනා
sirimal Wednesday, 13 February 2019 02:36 PM
විසිවෙනි සියවසට බැරිනම් ගල් යුගයට හරි ගැලපෙන අධ්‍යාපනයක් ඔය දියවන්නාවේ ඉන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති කට්ටියට ලබාදුන්නොත් නරකද මහත්තයෝ?
Raveendra Wednesday, 13 February 2019 03:40 PM
නිල් ගොයියොත් පෝලිමටම විවෘත කරයි.. කොළ ගොයියොත් හැමදාමත් විවෘත කරයි.. රතු ගොයියොත් පුපුර පුපුර වටේ දුවයි... අනේ ඉතින් ලක්දෙරණට දෙවි පිහිටයි...
chandima Wednesday, 13 February 2019 05:55 PM
ඔය පුවරු හරහාවත් ලංකාවේ සිටින හොඳම ගුරුවරුන්ගේ දේශනා ගම්බද පාසල්වලට ලැබෙනවා නම් කොළඹට කිරි ලැබෙනකොට ගම්බද පාසල්වල අපේ දරුවන්ටත් කිරි ලැබෙනවා. තවදුරටත් කැකිරි කන්න වෙන්නේ නැහැ. ඒ වගේම නිවාඩු දවස්වල කොල්ලෝ කෙල්ලෝ දඩාවතේ යන්නට පුරුදුකරන ටියුෂන් කඩ වැහිලා යාවි. රටපුරාම එකම ප්‍රමිතියකින් ඉහල මට්ටමේ සමාන අධ්‍යාපනයකට පාර ඇරෙනවා. එ් පාර නම් අර දුරබලන චීනක්කණ්ණාඩිය හරි පැත්තට අල්ලලා පාරබලන බව පෙනෙනවා. ඉතාම හොඳ වැඩක්... නමුත් නියමු ව්‍යාපෘතියක් ලෙස සෝදා බෝතලේ කැඩුවා වගේ සද්දේ දාලා නවත්තන්නේ නැතුව රට පුරාම ව්‍යාප්ත කරනවා නම් රටපුරා සෑම පාසලක්ම සුපිරි පාසල් කරන්නට පුළුවනි.
Bandara Thursday, 14 February 2019 12:25 AM
රනිල්ව දකිද්දී මටත් නිදිමත ගතියක් දැනෙනවා. ඒක කියාගන්න බැරි මාර ගැම්මක්.
BamunuarachchiThursday, 14 February 2019 09:58 AM
මගේ නම් ප්‍රෙෂර් නගිනවා එන කේන්තියට.
sensa Thursday, 14 February 2019 02:30 AM
ලොකුවට ගන්න විවෘත කිරීම් වාගේ වැඩකට නැති මුදල් නාස්තිකරන උත්සව වලට මහජන මුදල් කොච්චර නාස්ති වෙනවාද? හොද දෙයක් කළොත් ඒ ගැන මින්ස්සු ගැන හැමෝම කථා කරාවි. මහජන මුදල් තමාගේ බූදලේ වගේ නාස්තිකාර වැඩ වලට මහජනයා කැමති නෑ. අනික තාමත් ජනතාව අන්දන්න පුලුවන් කියලා හිතන එක මුලාවක්. රටට අවශ්‍ය දේ ඉටු කරලා කඩිනම් සංවර්ධනය මහජන අපේක්ෂාවයි.
සංජීව Thursday, 14 February 2019 04:54 AM
ලෝකේ හොදම අද්‍යාපන ක්‍රමය තිබෙන්නේ පින්ලන්තයේ. ළමයින් තරඟ කාරී අධ්‍යපනයට වඩා ප්‍රායෝගික ක්‍රම වලට හුරු කරනවා. අපේ රටට ඕනෙත් ඒ වගේ ක්‍රමයක්. එතොකොට ලගම පාසැල හොදම පාසැල තමා.
Anjula Thursday, 14 February 2019 05:17 AM
මහ බැංකුව කාබාසිනියා කරා වගේ ළමයින්ව උගතුන් කරන එකත් නැත්තටම නැති කරලා දායි වගේ මෙයා.
kap Thursday, 14 February 2019 06:25 AM
සිරිමල්, ඔයා එහෙම කිව්වට, ඔය කියනවා වගේ අධ්‍යාපන මට්ටමක් තියෙන අය, පාර්ලිමේන්තුවට පත් කරන්නෙ උගත් ඔයා වගේම අය නේද? ඒකට මෙතුමට බැනලා වෑඩක් නෑ. තමන්ටම බෑන ගන්න.
ටි ඉන්දික Friday, 15 February 2019 06:12 AM
අධ්‍යාපනයට නව මාවත් එකතු කරන විට ඒකත් දුෂ්ටව දකින පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ,
AnjulaFriday, 15 February 2019 12:16 PM
ඉන්දික කියන්නේ රනිල් මහ බැංකුවට නව මාවතක් එකතු කරලා මහ බැංකුව වැනසුවා වගේ අධ්‍යාපනේටත් නව මාවතක් එකතු කරලා.. ඒක වනසනකන් බලන් ඉන්න කියලද?
BamunuarachchiSunday, 17 February 2019 01:44 PM
නව මාවත් ගැන විශ්වාසය තබන්නේ කොහොමද? ගණිත විෂයත් ඉවත් කරන්න යෝජනා කළ අධ්‍යාපන ඇමැතිලා ඉන්න රටක. මොවුන්ට මේ රටේ අධ්‍යාපන නව මාවත් සොයන්න බැරිය. අපි බ්‍රිතාන්‍ය ක්‍රමය කොපි කරමු. එවිට ලෝකය පිළිගන්නා බ්‍රිතාන්‍ය උපාධි සඳහා ඉල්ලුම් කිරීමට පහසු වේ...
Bamunuarachchi Sunday, 17 February 2019 01:32 PM
අතින් වහගෙන ලියන්නේ... අපි කොපිකරයි කියලා හිතලා වෙන්න ඇති.
Bamunuarachchi Sunday, 17 February 2019 01:37 PM
ඔව්, ඔව් අර ඇමතියෙක් කීවා වගේ ගණිත විෂය වගේ බොහෝදෙනාට අමාරු විෂයන් විෂය ධාරාවෙන් ඉවත් කරමු. ඒ වෙනුවට විරිදු පැල්කවි විෂයන් හැටියට එකතු කරමු.