
( තිළිණි ද සිල්වා )
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඇතැම් වගන්ති පවතින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අද(23) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
බාලේන්ද්‍ර නීතීඥ සමාගම මාර්ගයෙන් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
ඒ අනුව අද (23) දිනය වනවිට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 6 ක් ගොනු කරනු ලැබ ඇත.
සමගි ජන බලවේගය, නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන මෙම පෙත්සම් ගොනු කර ඇත.
පෙත්සම්කාර ආර්.සම්පදන් මහතා විසින් ගොනු කළ පෙත්සමේ සදහන් කර ඇත්තේ රජය විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංගනය කරන බවයි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ඒවා අනුමත වී පසුව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
COMMENTS
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කොට ජනතා අදහසද ලබාගෙන නව ව්‍යවස්ථාවක්, කෙටුම්පත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාම උචිත බව පෙනීයයි. සංශෝධන සඳහා ක්ෂණික අවස්ථාවක් නොපෙනේ.. මන්දයත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම පක්ෂයෙන් බැවිනි.
අනිවාර්යයෙන්ම යායුතුය. මෙය මුලු ලංකාවටම විනයක්. අගමැතිතුමා මෙය විරුද්ධ නොවීම ලොකු ප්‍රහේලිකාවක්... !!!
19 සම්මත කරගන්න මහජනතාව වුනු අපෙන් ඇහුවෙ නැති අය අද 20 ට මහජන මතය අවශ්‍යයිලු. ආණ්ඩුවට අපි 2/3 ක් දීලා පෙන්නුවේ මහජන මතය තමයි. ඒක විකෘති නැති පිරිසිදු ජනමතයක් බව අමතක කරන්න එපා.
19 සම්මත කරගන්න මහජනතාව වුණු අපෙන් ඇහුවේ නැති අය අද 20ට මහජන මතය අවශ්‍යයිලු. ආණ්ඩුවට අපි 2/3ක් දීලා පෙන්නුවේ මහජන මතය තමයි. ඒක විකෘති නැති පිරිසිදු ජනමතයක් බව අමතක කරන්න එපා.
මුළු රටම මේකට විරුද්ධ විය යුතුයි.
අධිකරණය ආණ්ඩුවෙන් අහලා තීන්දුව දෙයි.
ඉන්දියාවට කීවේ නැද්ද?