(නිමල කොඩිතුවක්කු)
ඒකාධිපති ව්‍යවස්ථාවක් වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ජනතාවගෙන් දැන් සමාව ඉල්ලා පලක් නොවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී අද(15) පැවසීය.
ඔවුන්ට ජනතාවගෙන් හෝ සමගි ජන බලවේගයෙන් කිසිදු සමාවක් හිමි නොවන බව ද මරික්කාර් මහතා සඳහන් කළේය.
කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරානම් කිසිවිටෙකත් ඔවුන් මෙවැනි තීන්දුවක් නොගන්නා බවත් බොරු බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා යැයි එම පිරිසෙන් ඉල්ලා සිටින බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.
මුස්ලිම් ජනතාවගේ දුක විකුණා බලයට පැමිණ දේශපාලනයයි ආගමයි පටලවා ගන්න එපා යැයි එම පිරිසෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
ඒකත් නාටකයක්. මුස්ලිම් කොංග්‍රසය කිසිදා විපක්ෂයේ සිටි පක්ෂයක් නොවේ. විපක්ෂයේ සිටීම එම කණ්ඩායමට නුහුරු දෙයක්... කොටසක් මුලින්ම රජයට පක්ෂපාතී බව පෙන්වූවා විය හැකියි. ඒ සම්පූර්ණ කණ්ඩායම පසුව හෝ රජයට එක් වීමේ අරමුණින්. සිතූතරම් සාර්ථක නොවූ නිසයි මෙවන් නාටකයක් නිර්මාණය වන්නට ඇත්තේ... ජනතාව එම නාටකය මෙන්ම ඔය මාධ්‍ය සාකච්ඡා ද ගණන් ගන්නේ නැත.
කොහොමත් මරික්කාර්ගේ කට වැඩියි.
පළමුව අප කිසිඳු ආගමකට පරිභව කිරීමක් හෝ අපහාස කිරීමක් හෝ අඩු තක්සේරු කිරීමක් නොකිරීමේ බලාපොරොත්තුවෙන් මෙම අදහස් සඳහන් කරන බවට කාරුණිකව කීමට කැමැත්තෙමු. ඉස්ලාම් ආගම අදහන මොවුන් දිනකට 5 වතාවක් වැඳුම් පිදුම් කරන අතර එම ආගමම අදහන තමන්ගේම කෙනෙකු කළ වැරැද්දකට සමාව දීමට තරම්වත් මුවුන්ගේ සිත්සතන් සන්සුන් නොවෙනවා යනු "වෙනත් ආගමක් අදහන කෙනෙකුට මොවුන් කෙසේ සලකයිද යන්න අප සියලුම ඉස්ලාම් ආගම අදහන ඒ අපේ ලාංකිය මුස්ලිම් ප්‍රජාවගෙන් විමසීමට කැමැත්තෙමු...
ඔබ නියෝජනය කරන්නේ සමගි ජනබල වේගය යන පක්ෂයයි. ඔවුන් මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂයේ අයයි. ඒත් ඔබ මේ පෙනී සිටින්නේ රැහේ අය වෙනුවෙන් වගේ...
රැහේ අය වෙනුවෙන් පෙනී සිටීම මුස්ලිම් ගතිය. මට ප්‍රශ්නය ඔබව පාර්ලිමේන්තු එවූ අපේ රැහේ අය ගැනයි. ඒ ගොල්ලන්ට අපි සමාව නොදිය යුතුයි.