(යොහාන් භාසුර)

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා ප‍්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමෙන් විදුලි පාරිභෝගිකන් 177,000 ක් පමණ අද පස්වරුව වන විට අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වේ.

මාතලේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවලින් බිඳ වැටීම් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ද ඇතැම් ප‍්‍රදේශවලින් විදුලි බිඳ වැටීම් වාර්තා වී තිබෙන බවත් විදුලිබල අමාත්‍යංශය පවසයි.

වැසි සහ සුළං සහිත කාලගුණයෙන් ගස් වැටීම මෙම විදුලි බිඳ වැටීම් රැසකට හේතුව බවත් විදුලිබල මණ්ඩලය සහ විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ) බිඳ වැටීම් යථා තත්වයට පත්වීම් කටයුතු කරමින් සිටින බවත් විදුලිබල අමාත්‍යංශය පවසයි.