(නිමන්ති රණසිංහ)

බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදාව රෝහලේ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝෂණී අබේවික්‍රම මහත්මිය අද (9) ඇප ලබා දුන්නාය.

එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි සැකකරුවන් සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9.00 - 12.00 අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය නියම කළේය.

සැකකරුවන්ට ඇප ලබා දෙනු ලැබුවේ ඔවුන් සම්බන්ධ විමර්ශන අවසන් බවට පොලිසිය දැක්වූ කරුණු සම්බන්ධයෙන් හා හඳුනාගැනීමේ පෙරට්ටුව අදාළ දැරිය සැකකරුවන් හඳුනා ගැනීම කරුණු විණි.