(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව ලමා හා කාන්තා කාර්‍යංශය අත්අඩංගුවට ගත් ගායන ශිල්පියකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද 10 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ .
මෙම සිද්ධියට අදාළ 27 වැනි සැකකරු ලෙස ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මොහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මගින් අදාල බාලවයස්කාර දැරිය හා සම්බන්ධ වී ඇති මෙම සැකකරුට බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන්කර වෙන්කර දී තිබුණේ මේ වන විට රක්ෂිත භාරයේ සිටින එම හෝටලයේ කළමනාකරු බව ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී ඊයෙ 09 අත්අඩංගුවට ගත් බව ද එම කාර්යාංශය සඳහන් කළේය .
COMMENTS
යුරෝපයේ දරුවන්ට වගේ මේ දරුවන්ටත් මේක සුළු දෙයක්. පළපුරුද්ද තමයි.
මේ වෙනකොට කී දෙනෙක්ද? තව අහු නොවුණු අය..!!!
මේ සිද්ධියට සම්බන්ධ අයගේ නම් දැම්මට ඇයි මේ ගායන ශිල්පියා කියන කෙනාගේ නමක් නැත්තේ?
ඔය ළමයා පත්තරෙනුයි, ටීවී එකෙනුයි වික්කා ඇති දැන්... අර මෛත්‍රී කිව්වා වගේ කුණු රහට මෙච්චර කැමැති ජාතියක් ලොවෙත් නෑ.
මේ කාලකන්නින්ට දැඩි දඬුවම් දිය යුතුයී. ඇමරිකාවෙ ටික කලකට ඉස්සර අපූරු නඩු තීන්දුවක් ලැබුණා. එක්තරා තරුණයෙක් තරම්ම කුඩා කාලයේදී පාසලේ ෆුට්බෝල් පුහුණුකරු විසින් ලිංගික අපයෝජනයට, ලක්වුණු බව. ඒ වනවිට සිදුවීම වෙලා අවුරුදු 20ක් පමණ ගතවෙලා. ඊට පස්සේ එයාගෙන් පුහුණුව ලබපු තවත් ළමයි ගණනාවක් ඒ පැමිණිල්ලම කලා. ඔවුන් සියලු දෙනාම වැඩිහිටියන්. පුහුණුකරුවා ඒ වනවිට විශ්‍රාම ගිහින්... එම පුහුණුකරුවාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබුණා. ලංකාවේ දරුවන් අසරණයි. ඔවුන්ට කවුරුවත් නෑ. නඩු ගියත් පෙරකදෝරුවන් අපයෝජකයින් මුදා ගන්නවා.
මොවුන් කරලා තියෙන්නේ අහස පොලොව නුහුලන අපරාදයක් දඩුවම් දිය යුතුයි
මොන දඬුවම් දුන්නත් වැඩක් නෑ... අන්තිමට ජනාධිපති සමාව අරගෙන රටින් පිටවෙලා යයි...