
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දීර්ඝ කාලයක සිට 14 හැවිරිදි දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි .
මේ වන විට 14 හැවිරිදි දැරිය රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
බාලවයස්කාර දැරියක ගේ දෙමාපියන් මුලාකර ඥාති කාන්තාවක් විසින් දැරිය රැගෙන ගොස් විවිධ පුද්ගලයන් හට මුදලට අලෙවි කරන බවට රහසිගත තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි සැකකාරිය මරදාන ප්‍රදේශයේ දැරියගේ නිවසට පැමිණ ඇයගේ තනි නොතනියට දැරිය රැගෙන යන බව පවසමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලීස් විමර්ශනවලදී හෙළිවී ඇත
ඒ අයුරින් දැරියව දින දෙක තුනක් ඇයගේ නිවසේ තබා ගන්නා බව දැරියගේ දෙමව්පියන්ට පවසා දැරිය රැගෙන ගොස් විවිධ ව්‍යාපාරිකයන් හට රුපියල් 50,000 බැගින් වූ මුදලට අලෙවි කර ඇති බව පොලිසිය කියයි.
සැකකාරිිය මේ අයුරින් දැරියව දොළොස් හැවිරිදි වියේ සිට වසර දෙකක කාලයක් ගණිකා සේවයේ යොදවා ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිනියක් පැවසුවාය . සැකකාරිය දැරිය විකිණීමෙන් ලැබෙන මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි
දැරිය ලබා දී තිබෙන ප්‍රකාශ අනුව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .
අත්අඩංගුවට ගත් සැකකාරිය 32 හැවිරිදි තැනැත්තියක් වන අතර මරදාන ප්‍රදේශයේ පදිංචි සැකකරු 38 හැවිරිදි අයකු වේ.
සැකකරු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර ,කොළඹ මධ්‍යම ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සහකාර පොලිස් අධිකාරී සෙනරත් මහත්වරුන්ගේ උපදෙස් මත මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපල කොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
14 දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියට වැඩවරදී
fairoos Wednesday, 22 December 2021 02:28 PM
නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.