වත්තේ සිද්ධියෙන් මැතිසබේ උණුසුම් වෙයි
මාතලේ රත්තොට රජයේ වත්තකින් පවුල් තුනක 14 දෙනකු වතු ප්රධානියකුවිසින් භීෂණය පතුරුවමින් ඔවුන්ගේ නිවාස කඩා බිඳ දමා පලවා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් උද්ඝෝෂණය යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22)පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.