
(අධිකාරි මුදියන්සේ)
පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ දුරකතන අංකය(119) අමතා පුද්ගලයකුගේ මියයාම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන් බව කියන කාන්තාවක අද(30) අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.
සැකකාර කාන්තාව පොල්ගහවෙල ගොඩවෙල පදිංචි වයස අවුරුදු 42ක පමණ කාන්තාවකි.
පසුගිය ජූලි මාසයේ 20 වැනි දින පොල්ගහවෙල කහවත්තඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන්, මෙම කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංශයට පවසා ඇත්තේ, එම මියගිය පුද්ගලයාගේ පුතා විසින් තම පියාගේ ගෙල සිරකර මරා දමා ඇති බවය. එම තොරතුරට අනුව පොලීසිය අධිකරණ නියෝග මත නැවත කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව එය ස්වභාවික මරණයක් බවට තහවුරු වී ඇත.
දුරකතන මාර්ග ඔස්සේ අසත්‍ය තොරතුරු සැපයීම හේතුවෙන්, අධිකරණ නියෝග මත ඇමතුම ලබාදුන් දුරකතන අංකය ඔස්සේ විමර්ශන පැවැත්වූ පොල්ගහවෙල පොලිසිය අදාළ ජංගම දුරකතන සමාගමෙන් ලද දත්තවලට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළිඳ ළඟ සංගමයේ පුරුදු අතහැර ගන්න බැරිවුණාම ඔහොම තමයි.
මෙය හොඳ නැහැ. කාන්තාව දන්නේ කොහොමද? ස්වභාවිකවද? කවුරු හරි කරලාද කියලා... කවුරුත් මේ නොම්මරයට කතා කරන්නේ නැතිව ඉඳීවි.
මේ විදියට සැකකටයුතු තොරතුරු පොලිසියට දෙන්න බැරිවෙනවා. අත්අඩංගුවට ගන්න කලින් ඇය ද්වේශ සහහත බොරු තොරතුරු දුන්නාද යන්න පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුයි නේද?
මට විශ්වාස නැහැ. ඇත්තනම් බොරු කියන "චම්පා" මිත්තණිය දහස් වාරයක් හිරේට යන්න එපැයි...