(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප මූලස්ථානය අද (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට හෙට (22) දිනයේ ලිපියක් මගින් දැනුම් දීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට එක්වූ ෆවුසි මහතාට එරෙහිව පක්ෂය විසින් පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු වී ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ ෆවුසි
හුඟක් කාලෙකට ඉස්සෙල්ලා කරන්න තිබුන දෙයක්. කමක් නැහැ දැන් හරි කලානේ.
නියමයි
ෆවුසි මහතාණෙනි දුක් නොවන්න
හොඳ දේශපාලනඥයෙක්
ඔය හදන්නේ ජාතික ලැයිස්තුවේ අවස්තාවක් ගන්න
සිංහලයාව අන්දලා හැමදාම ගොඩ ගිය අය මේගොල්ලෝ. ඒ කලේ දැන් ඉවරයි.
වෙන කවුරුත් නෙවෙයි. හිටපු ජනාධිපති එන්නයි ඔය අර අඳින්නේ. පාර්ලිමේන්තුව දමලා යන්න නම් මිරිස් කුඩු දමලා දුම් පිඹින්න වෙයි . රටේ කරුමේ තවත් ඉවර නැහැ.
එජාපෙට සහය දුන්න අය ඉවත් කරන්නේ නැතිද ?
තව ඉන්නවා කට්ටිය. ඔක්කොම බලල ඉවරයක් කරානම් හොඳයි.
දැන් ගෙදර ගිහින් බුදියගන්න...........
නියමයි................
එල ෆව්සි.........
චානක ලොස් ආන්ජලීස්, ඇත්තටම ඔයාට අං දෙකක් එනවා ඇති.
මෙයත් එක්ක ගිය අනික් තුන්දෙනාට මොකද කරන්නේ ? අප්පච්චි මලෝවනම් කොහොමත් තියාගන්න හොඳ නැහැ. ඔය මනුස්සය 2015දි කිව්වා ගෝටාභය නිසා බයට වැඩ කරන්න වුනා දැන් බයක් නැහැ කියලා. ඒ කතාවෙන්ම තේරෙනවා මොනවගේ නිකමෙක්ද කියලා.දැන් ගෝඨා ජනාධිපතිතුමා නිසා කොහොමටවත් එතුමා ගෑවුණු තැනක ඉන්න බැහැනේ වැඩ කරන්න වෙන නිසා. කටානේ යුඑන්පී ඡන්දදායකයන් මොහු ලවා වැඩ කරවන්න හිතනවානම් පරිස්සමින්.
එයා එලෝපු එක තමයි හොඳ.
පොහොට්ටුවට ගිය කට්ටිය ගැන ඔය වගේ තීරණ ගත්තේ නැත්තේ මොකද දන්නේ නැහැ නේද මෙයා...?