(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 ට වැඩි ළමුන් එන්නත්කරණය සදහා යොදා ගැනීමට අවශ්‍ය " ෆයිසර් " එන්නත් මාත්‍රා 30,000ක් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විසින් රැගෙන විත් තිබේ .

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය මුලින්ම ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .

එතැන් සිට මෙම එන්නත් තොගය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මගින් අද (27) අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මේ වනවිට ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන විත් තිබේ .