(දයාසීලි ලියනගේ)
මෙරට ෆයිනස් වගා කර තිබෙන හෙක්ටයාර් 16,000ක ප්‍රදේශය තුළ රබර් වගා කර පයිනස් වගාව ඉවත් කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමති කනක හේරත් මහතා කියයි.
රබර් වලට අමතරව අලිගැටපේර, දූරියන්, කෝපි වැනි ආර්ථික වගාවන් කිරීමට වැඩ සැළසුමක් ඇත.
දේශීය අවශ්‍යතාවයෙන් සියයට 60ක ප්‍රමාණයක් පමණක් මෙරට නිෂ්පාදනය වීම ප්‍රමාණවත් නොවන නිසා, රබර් වගා කරන සාම්ප්‍රදායික දිස්ත්‍රික්ක වලින් පරිබාහිරව රබර් වගා කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට ඇමතිවරයා තීරණය කර ඇත.
පයිනස් වගාවන් ක්‍රමයෙන් ඉවත් කර ඒ වෙනුවට පරිසර හිතකාමී වගාවන් පවත්වාගෙන යාමට රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
COMMENTS
කඳුකර වනාන්තරවල පයිනස් වගාව නිසා පොඩි කාලේ අපි අත් විඳපු, අපේ දියසීරාව නැතිවෙලා ගියා. පයිනස් තියෙන, කැලේක අඹ ගහක්, පොල්ගහක්, කොස් ගහක් ඕනේ නැහැ වල්ගහක් නැතිවුණා. අගය කළයුතු වැඩක්..
හොඳයි... සත් භාවයෙන් කරනවා නම් වඩාත් හොඳයි.
වැඩේ හොඳයි. සද්භාවයෙන් කරනවා නම්... නමුත් මේ හොයන්නේ දැව...
ෆයින්ස් කියලා කඳුකර අනිත් ගස් ටිකටත් ශොට් එක දෙන්න වගේ යන්නේ....
වසර ගණනාවකට ඉහතදී ගත යුතුව තිබූ තීරණයක් ප්‍රමාදවී හෝ ගැනීම ගැන සතුටුයි. අදූරදර්ශී දේශපාලකයින් රටට කළ තවත් එක් විනාශයක් තමා මේ පයිනස් සහ ටර්පන්ටයින්...
නියම අදහස...
ෆයින්ස් විතරයි නේද ඉවත් කරන්නේ?
අපේ දේශපාලනඥයෝ කොච්චර කපටිද? කොළේ වහල මිනිස්සු අන්දනවා. ටිකක් කල්පනා කරන්න , ඔය ෆයිනස් අක්කර 16000 කියන්නේ රජයේ රක්‍ෂිත වනාන්තර, වන වගාවන්, ඒ වගා ඉවත් කරලා(විකුණලා) රබර් වගාකරනවා(රබර් කියන්නේ ආර්ථික භෝගයක්) ඉතින් ඒ කියන්නේ තව දුරටත් වනාන්තර නෙවේ, කාට හෝ(හෙන්චය්යෙක්ට) පැවරුණු කර්මාන්තයක්, ෆයිනස් ඉවත්කරලා ආර්ථික භෝග ඉන්දවනවා නෙවේ, කල යුත්තේ කඳුකර වනාන්තර නැවත වගා කිරීම,
ප්‍රමාද වී හෝ රජය ඉතාමත් කාලෝචිත තීරණයක් ගැනීම පිළිබඳව ප්‍රණාමය පුදකරමි. ඇකේසියා පිළිබඳව මේ තීරණයම ක්‍රියාත්මක කරන්න.