IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ළමයින්ට මහාධිකරණවල වෙනම දිනයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ළමා අපචාර නඩු සඳහා මහාධිකරණවල නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟතාව පළකර ඇතැයි  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.

ළමයින් සම්බන්ධ නඩුවලට එම දිනයේදී ප්‍රමුඛතාව ලබාදීමටත සහ  එම නඩු හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට  අදාළ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අංක 449 දරන චක්‍රලේඛය සියළු මහාධිකරණ විනිසුරුවරුන්ට යවා ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ   පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පෙරේදා  (03) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදීය.

මෙයට අමතරව වින්දිත දරුවන් උසාවි වලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථාන වල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 09ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද  විදානපතිරණ මහතා කීවේය.

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය  ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මේ වන විට අදාල අමාත්‍යාංශ දහය පදනම් කරගෙන ආරම්භ කර ඇති බව පැවසූ  සභාපතිවරයා  ළමා ආරක්ෂණයට අදාල ජාතික දත්ත පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග එක්ව එළඹෙන ඔක්තොබර් මාසයේදී ජනගත කිරීම සඳහා සියල්ල සූදානම් බවද  සඳහන් කළේය.

දරුවන් අපචාරයට ලක් කිරීම, ලිංගික හිංසනයට භාජනය කිරීම, මෙහෙකාර සේවයේ යෙදවීම ඇතුළු මෙරට දරුවන්ගේ සුරක්ෂිත යහ පැවැත්මට හානිකර ක්‍රියාවන්ට එරෙහිව පවතින නීති ශක්තිමත් කිරීමටත්, නව නීති ගෙන ඒමටත්, ළමා අපචාර සිදුවීම වැලැක්වීම පිණිස නිසි වැඩපිළිවෙලක් ආරම්භ කිරිමටත් සිය සංසදයේ නායකත්වය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

කොවිඩ් වසංගත කාලයේදී ළමා ආරක්ෂණ අධිකාරියට  ලැබී ඇති විමසීම් සංඛ්‍යාව 55,000ක් බවත් පසුගිය මාස 06 තුළදී ලැබී ඇති ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි ප්‍රමාණය 4740ක් බවත්  මෙහිදී ප්‍රකාශ විය.

සංසදයේ උප සභාපතිනියකවන රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල මහත්මිය මෙහිදී  ප්‍රකාශ කළේ ළමා අපයෝජන සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී යම් වාරණයක් අවශ්‍ය බවත් වත්මන් මාධ්‍ය තුළ අපයෝජන වාර්තාකිරීමේ ක්‍රමය වින්දිත දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් තව තවත් අපහසුතාවයට ලක් කරන්නක් නිසාවෙන් එම  වාර්තා කිරීමේ ක්‍රමවේදය මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධව සමාජ මාධ්‍යජාලාවන්හි ක්‍රියාකාරීත්වයද නියාමනය කිරීම අත්‍යවශ්‍ය බවත්ය.


මෙම රැස්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් වන   රෝහිණි කවිරත්න,   ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩයනා ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ද    පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු ළමා ආරක්ෂණයට අදාල ආයතන රැසක නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියඇතුළු පිරිසක් ද  සහභාගී වූහ. 


 

 



අදහස් (1)

ළමයින්ට මහාධිකරණවල වෙනම දිනයක්

lal Thursday, 05 August 2021 04:28 AM

ලිංගික හිංසනයට භාජනය කිරීම, මෙහෙකාර සේවයේ යෙදවීමට දඩය රු. මිලියනයක් කරන්න. අනිවාර්යයෙන්ම කවුරුත් මෙවැනි අවධානමක් ගෙන පොඩි දරුවො මෙහෙකාර සේවයට ගන්නේ නැහැ. එතකොට ගන්නවානම් හැමෝම උප්පැන්න චෙක් කරලා බලලා තමයි ගන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site