(නිශාන්ත කුමාර)
කන්දකැටිය බුබුල ගම්මානයේ ළිදේ සිරවී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට කන්දකැටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගියේ කන්දකැටිය බදුලුඔය බුබුල මහතැන්න පදිංචි ඩී එම් පියදාස (54) නැමැති දෙදරු පියෙකි.
ඉකුත් සිකුරාදා (18) සිදුවූ මෙම සිද්ධීයේ දී සිහි විසංඥව පැය දෙකකට අධික කාලයක් ළිඳ තුළ සිරවී සිට දිවි ගලවා ගත් ඩී. එම්. ආරියපාල (42) නැමැති අය තවමත් කන්දකැටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබයි.
මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය ගලඋඩ හදිසි මරණ පරීක්ෂක ආර් එම් සෙනෙවිරත්න මහතා විසින් කන්දකැටිය දිසා රෝහලේ දී පවත්වනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd