IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


හෙළිදරව්වකට අභියෝග කිරීම ත්‍රස්තවාදයට උඩගෙඩිදීමක් තමයි

  

 

(මුදිතා දයානන්ද)
 
අයිඑස් මතවාදයට නැඹුරුවන ශ්‍රී ලාංකිකයන් හා අන්තවාදී මත දරන්නන් ගැන මා මාස තිහකට පෙර පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරනවා වෙනුවට සැළකිල්ලට ලක් කළේ නම් පාස්කු ඉරුදින ප්‍රහාරයත් වළක්වාගෙන ආණ්ඩුවත් එජාපයත් දෙකම රැකගන්න තිබුණා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද සාක්ෂි දෙමිනි. 
 
කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද දිනයේ පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට නොතිසී නිකුත් කර තිබූ අතර ඔහුගේ සාක්ෂි ලබාදීමෙන් පසුව විජේදාස රාජපක්ෂ මහතා හරස් ප්‍රශ්න විමසනු ලැබිණි. විජේදාස රාජපක්ෂ මහතා මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදි ඇති අතර එහිදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසුවේය.
 
“අන්තවාදීන්ට උදව් කරන දේශපාලනඥයින්ගේ නාම ලේඛනයක් ඔබ විසින් මේ කොමිසම හමුවේ ඉදිරිපත් කර තිබුණා. එයට මගේ නම ඇතුළත් ඇතුළත් කළේ කුමන පදනමක් මතදැ”යි රහුමාන් මහතා රාජපක්ෂ මහතාගෙන් විමසුවේය.
 
එහිදී ඔහු ප්‍රකාශ කළේ තමන් ඉස්ලාම් අන්තවාදීන් ගැනත්, අයිඑස් මතවාදයට නැඹුරු වූ තරුණයන් ලංකාවේ සිටින බවත් 2016 නොවැම්බර් 8  වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ වගකීම් සහගතව බවයි. එහෙත් රාජිත සේනාරත්න මහතා සහ රහුමාන් මහතා එය අභියෝගයට ලක් කළ බවද ඔහු පැවසීය.
 
ත්‍රස්තවාදීන් ගැන හෙළිදරව් කරන විට එය අභියෝගයට ලක් කිරීමෙන් කරන්නේ ත්‍රස්තවාදයට අනුබලදිමක් බවද ඒ අනුව මුජිබර් රහුමාන් මහතාද ත්‍රස්තවාදයට අනුබල දුන්නෙක් ලෙස තමන් සළකන බවද ඔහු පැවසීය.
 
එහිදි රහුමාන් මහතා ප්‍රකාශ කළේ “ඔබතුමා පමණක් නෙවෙයි දිගන සිදුවීමෙන් පස්සේ මමත් සහරාන් ගැන පොලිසියට පැමිණලි කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ දී කිව්වා සහරාන් අල්ලන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබියදී තමයි තමන්ව අත්අඩංගුවට ගත්තේ කියලා. අන්න ඒ නිසයි මම කියන්නේ මේ පිටුපස අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වුණා කියලා.” යනුවෙනි.
 
කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවීම සම්බන්ධයෙන් එකල පැවති ආණ්ඩුව වගකීම බාරගත යුතු බවයි. 
 



අදහස් (4)

හෙළිදරව්වකට අභියෝග කිරීම ත්‍රස්තවාදයට උඩගෙඩිදීමක් තමයි

Bamunuarachchi Tuesday, 29 September 2020 01:03 PM

ඔබතුමා මෙපමණ කල් කොහේද හිටියේ... දකින්නත් ආසයි. ඔබ ඔය නම්වලින් කියපු දේශපාලකයෝ නොම්මර එකේ ත්‍රස්තයින් තමයි.

:       13       12

නිමල් Tuesday, 29 September 2020 03:17 PM

රහුමාන් උත්තර දෙනකොට මොනවා හරි හන්ගන බව පේනවා. ඒවා එළියට ගන්න වෙන ක්‍රම ඕනේ බව පැහැදිලියි.

:       11       15

BamunuarachchiFriday, 02 October 2020 02:34 AM

1989 දුන්න කටුකම්බි වස්තිය හොඳයිද.?

:       0       0

Bamunuarachchi Sunday, 04 October 2020 12:49 PM

දැන් ඔබතුමාට වෙන අතක් බලාගන්න කාලේ හරි ඔන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1330 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1248 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site