(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'ශක්ති' නෞකාව කොළඹ වරායට අද උදෑසන පැමිණියේය.

ඉන්දියාවේ සිට පැමිණි මෙම නෞකාවෙන් සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ඔක්සිජන් ටොන් සියයක් රැගත් ඉන්දියාවේ ශක්ති නෞකාව කොළඹ වරායට ඊයේ පැමිණියේය.

ඔක්සිජන් රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ ශක්ති නෞකාව ඉන්දියාවට පිටත් කර යවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදාපතිවරයාට පසුගිය සතියේදී උපදෙස් දුන්නේය.