(බිඟුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලනය බලය අතින් අත මාරු වුවද හිංසන ක්‍රියාමාර්ගවලට නොයන්නැයි සියලුම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය . ඇතැම් රාජ්‍ය ආයතනවල දැනටමත් එවැනි කටයුතුවලට සූදානම් වන බවක් තමාට දැනගැනීමට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.
රතිඤ්ඤා පත්තු කර සතුට සැමරීමේ වරදක් නැතත් නව රජයකට විසඳීමට ප්‍රශ්න රැසක් ඇති බැවින් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහාය අවශ්‍ය බව අමතක නොකළ යුතු බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස පළ කළේ ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සඳහා ශ්‍රීලනිප පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
COMMENTS
අනේද කියන්නේ. මේ පටන් ගැන්ම විතරයි. ඉස්සරහට බලන්න පුළුවන් වෙන දේ. ආප්පය කර වෙනවා.
මහින්ද ආධාරකාරයෝ සතුට වැඩිකමට රුපවාහිනී ගොඩනැඟිල්ලේ නැටුව ජව්සම දැක්කාවත්ද?
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා - අපි ඉන්නම් පවන් සල සලා.................