(ඉන්දිකා රාමනායක)

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේනේ කඳවුරේ භට කණ්ඩායමක් විසින් ඊයේ (10) රාත්‍රියේ 10.30 ට පමණ මාලඹේ සුසිලාරාම පාරේ සිදුකළ විශේෂ වැටලීමක දී හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන දෙකක් දෙකක් ද තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව ඇත .