(ටී.කේ.ජී.කපිල )
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 30 හැවිරිදි ඉන්දීය ජාතික නිවාස සැළසුම් අදින්නෙකි.
ඔහු ඊයේ රාත්‍රී ඉන්දියාවේ , බැංගලෝරයේ සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.1205 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන විත් තිබූ , ඔහුගේ ප්‍රධාන ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් ලක්ෂ 20 කට වැඩි වටිනාකමකින් යුතු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 280 ක මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ සිටින විදේශීකයන් වෙත අලෙවි කිරීමේ අදහසින් මෙරටට ගෙන එන ලද බව , මේ පිළිබඳව සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
මොහු අද(31) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක කාළයක් රඳ වා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.


COMMENTS
කෝ අර මරණීය දණ්ඩනය?