(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල ඇඹුල්ගම හන්දියේදී පාතාල සාමාජිකයකු ඝාතනය කිරීමට යොදාගත් බවට සැකකරන ගිනි අවිය නවගමුව ජයමාවත ප්‍රදේශයේ කැලෑ රොදක තිබී අද(17) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මෙලෙස සොයාගෙන ඇත්තේ 3.8 වර්ගයේ ගිනි අවියකි.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය විසින් පාතාල සාමාජිකයන් හයදෙනෙකු වෙඩිතැබීමට පැමිණි වෑන් රථය සහ යතුරුපැදිය ඊයේ(16) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙඩි තැබීමට යොදා ගත්ගිනි අවිය නවගමුව බුදු මැදුරක් පිටුපස සඟවා තිබෙන බවට පොලිස් විශේෂ කාර්ය රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව නිලධාරීන් පිරිසක් ගිනි අවිය ඉටි බෑග දෙකක බහා තිබියදී සොයාගත් පොලිසිය කියයි.
පෙරේදා(15) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමෙන් රනාල ජල්තර පදිංචි බෙලිගොල්ලේ ගෙදර සුරේෂ් රුවන් හෙවත් ‘චූටි මල්ලි’ නැමැත්තා මිය ගිය අතර සංවිධානාත්මක අපරාධකරුවකු වූ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ‘ඉන්ද්‍රා’ සහ වෙළෙන්දකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
මාඹුලගේ දිනෙත් මාඹුලගේ හෙවත් ‘ඌරු ජුවා’ මෙම වෙඩිතැබීම මෙහෙයවූ බවද, එම නැමැත්තා හා බරපතල තුවාල ලද ඉඳුනිල් වජිර හෙවත් ඉන්ද්‍රා අතර ‘සමයං’ නම් පාතාල සාමාජිකයා ඝාතනය වූ දිනවල සිට මෙම විරසකය ඇති ව තිබූ බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd