IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හංවැල්ලේදී ව්‍යාපාරිකයාට පහරදුන් පාතාලයේ 4 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)  

හංවැල්ල ඇඹුල්ගම ප්‍රධාන පෙලේ ටයිල් සමාගමක් ආසන්නයේදී කප්පන් නොදීමේ සිද්ධියක් මුල් කරගෙන   වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකුට  තියුණු ආයුධවලින් පහරදුන් පාතාල සාමාජිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි 

 සැකකරුවන්   ප්‍රහාරයට යොදාගත් තියුණු ආයුධ හතර, ප්‍රහාරය සඳහා පැමිණි තිරෝද රථය සහ යතුරුපැදිය මෙන්ම ඔහුන් සන්තකයේ තිබී හොරෙයින්  මත්කුඩු  ග්‍රෑම් 5  ක් මෙන්ම අත් බෝම්බයක්  මෙන්ම ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වීඩියෝ දර්ශනය කළ ජංගම දුරකථනයද  පොලිස් බාරයට ගෙන ඇත  

 මිය ගිය පාතාල නායකයන් වන සමයන් සහ ඌරු ජුවා නැමැති  පුද්ගලයන්ගේ ගෝලයෙකු සිට  අපරාධ රැසක් සිදු කර  අධිකරණය මගින් ඇප ලබා දීමෙන් අනතුරුව ඩුබායි රටට පලාගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් චමි පුද්ගලයා විසින් බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයාගෙන් කප්පම් වශයෙන් ඉල්ලන ලද රුපියල් ලක්ෂ 50 මුදල  ලබානොදීම සම්බන්ධයෙන්  උරණව මෙරට සිටින ඔහුගේ ගෝලයින් ලවා ඉකුත් මස 29 වැනි දින  මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

 පහරකෑ එම ව්‍යාපාරිකයා  ප්‍රධාන පෙළේ ටයිල් සමාගමට ශ්‍රමිකයන් සපයන ව්‍යාපාරයක් සිදු කරන අතර  එම ව්‍යාපාරය බාධාවකින් තොරව  කරගැනීමට රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් සහ  සෑම මසකම රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දෙන ලෙස  ඩුබායි රටට පලාගොස්  සැඟව සිටින  අපරාධ කල්ලි සාමාජිකයා විසින්  වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ව්‍යාපාරිකයාගෙන් ඊට දින කීපයකට පෙර ඉල්ලා තිබූ බවත් ඊට ප්‍රතිචාර නොදැක්වූ හෙයින් මෙම අපරාධය සිදු කර තිබූ බව පොලිසිය කියයි 

 එම අපරාධය සිදු කිරීම සඳහා   මීට පෙර දින දැඩිගමුව ප්‍රදේශයේදී  පුද්ගලයෙකුට පහරදී  කොල්ල කන ලද යතුරුපැදියකින් පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති අතර ව්‍යාපාරිකයා ගමන් ගත් වෑන් රථයට මඟ හරස් කර ඔවුන් තිදෙනා තියුණු ආයුධයෙන් ව්‍යාපාරිකයාට පහර දෙද්දී අනෙක් පුද්ගලයා   ත්‍රීරෝද රථයක සිට  එය  ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කර  එම දර්ශන ඩුබායි සැඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයා චමී නැමැත්තා  වෙත යවා ඇති බව ප්‍රශ්න  කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

 සිදුකළ  පහරදීමෙන් බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා ව අතුරුගිරිය රෝහල කරා ගෙන ගොස් ඇත්තේ   තී රෝද රථයේ සිට ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කළ පුද්ගලයා බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය 

එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩගම හබරකඩ සහ කළුතර බෝඹුවල ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලදීය  

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර සහ හෝමාගම අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය 

 

 



අදහස් (5)

හංවැල්ලේදී ව්‍යාපාරිකයාට පහරදුන් පාතාලයේ 4 ක් අත්අඩංගුවට

තිලක් Sunday, 11 July 2021 11:07 AM

මේ වගේ තක්කඩියන්ව නිකම අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා ගැනීමේ නියෝග ගෙන කලින් කරපු අපරාධ ගැනත් හොයා බලන්න ඕනෑ. මේ වගේ කප්පම් කාරයන් නිසා මිනිහෙකුට සාධාරණව දියුණු වෙන්න බෑනේ මේ රටේ...

:       0       184

Ruhunu Sunday, 11 July 2021 11:19 AM

මේ වගේ අය නම් අනිවාර්යයෙන්ම සඟවපු ආයුධ පෙන්නන අරන් යන්න ඕනෑ.

:       0       174

සමන් Sunday, 11 July 2021 11:29 AM

මේක මහා කරුමයක්.. බස් එකක් එලවන්න බැහැ... පාරේ ඉන්න මැරයින්ට කප්පන් දෙන්න ඕනේ. බිස්නස් එකක් කරන්න බැහැ ටවුමේ ඉන්න මැරයින්ට කප්පම් දෙන්න ඕනේ. වෙනරටවල හොරු අාවහම පොලිසියට තැනත් එක්කම එසැනින් පණිවිඩේ යනවා. ලංකාවෙත් එහෙම කරන්න ඕනේ.. පසුගිය සතියක කඩේකට ඇවිත් පිහි පෙන්නගෙන දරුවාට පහර දෙමින් කප්පම් ඉල්ලනවා දැක්කා. ඒවාට මොනවද වුනේ..? පොලිසියට පැමිණිල්ලක් දාන්නම ඕනෙද මේවගේ වැඩ වලට...? නීතිය ක්‍රියාත්මක කරනවට වඩා... පොලිසියට ඒ බලය දෙන්න ඕනේ.

:       0       56

Sri Lanka Sunday, 11 July 2021 11:57 AM

ලොකුවට කයිවාරු ගැහුවට තවම පාතාලය ඉවර කරගන්න බැරිවුණා.

:       208       229

NaradaSunday, 11 July 2021 12:39 PM

පොලිසියට ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගොල්ලන්ට මානව හිමිකම් යන්න පුළුවන්...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31338 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13558 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site