යේමනයේ හවුති කැරැලිකරුවන්ට රොකට් ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රහාරක ඩ්‍රෝනා භාවිතා කිරීම නතර කරන ලෙස දැනුම් දී ඇත.
එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සාම සාකච්ඡා සඳහා යේමනයට පැමිණීමට සූදානම් කර ඇති බැවින් මෙම නියෝග නිකුත් කර ඇත.
මෙම කැරැල්ලේ ප්‍රධානි බලගතු දේශපාලන චරිතයක් වන මොහොමඩ් අලි අල්-හවුති ඔවුන්ගේ ටුවිටර් ගිණුමේ “සියලුම යේමන් පාර්ශවකරුවන් සටන් විරාමකට එළීම අවශ්‍ය බව”ප්‍රකාශකර ඇත.
දේශපාලන විසඳුම් කරා ළඟා වීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව යේමනියේ විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.
ඉදිරි සතියේ යේමනයේ සානා අගනුවරට සංචාරය කර සාම සාකච්ඡා පවත්වා ඉක්මනින් සාමය ඇති කිරීමට සූදානම් බව යේමනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත මාටින් ග්‍රිෆිත්ස් පැවසුවේය. මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී සාම සාකච්ඡා බිඳ වැටී ඇත.
දේශපාලන විසදුම් මත ඉදිරි දින වලදී සාකච්ඡා පැවැත්වෙන බවත් ඒ සඳහා තවම දිනයක් නියම කර නොමැති බව මාටින් ග්‍රිෆිත්ස් පැවසුවේය.
(63226)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.