(ඉන්දිකා රාමනායක)

හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේදී  ඇති වූ සිද්ධියකදී තරණයන්යන් දෙදෙනකු ට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපතිවරයා ඇතුළු තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සභාපතිවරයාගේ පහරකෑමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙම සිද්ධිය ඊයේ රාත්‍රියේ 8.30 ට පමණ සිදුව ඇත.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා සහ සෙසු සැකකරු අද හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.