
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන එමින් සිටි රුපියල් ලක්ෂ 40 ක වටිනාකමින් යුත් කහ කිලෝ 1000 කට ආසන්න ප්‍රමාණයක් හලාවත ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිළධාරින් විසින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක ඒකකයේ නිළධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුවෙමින් තිබියදී මෙම කහ තොගය ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ ධීවරයින් පළා ගොස් තිබේ.
ධීවර යාත්‍රාවේ ඇති තොරතුරු මත එය හලාවත ප්‍රදේශයට අයත් යාත්‍රාවක් බවට හඳුනා ගෙන ඇති අතර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය සමඟ එක්ව පරික්ෂණ ආරම්භ කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd