(ඉන්දිකා රාමනායක)

ව්‍යාජ හැඳුනුම්පතක් සකසා අන් අයකු ලෙස පෙනී සිටී හිටපු නාවික සෙබළකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මෙම ව්‍යාජ හැඳුනුම් පත ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් සකසා 2012 වසරේ සිට වසර 5ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයකු බවද පොලිසිය කියයි.

තමාගේ උප්පැන්න සහතිකය සොරාගෙන සැකකරු සැකකරු ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ඇති බවට ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අහංගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පොලොන්නරුව දියබෙදුම ප්‍රදේශය පදිංචි ප්‍රදේශය පදිංචි පුද්ගලයෙකි.