(ඩයනා උදයංගනී) 
 
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) සිට මෙම මස 14 වැනිදා දක්වා සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී මෙලෙස ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කිරීම සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ඒ අනුව අද (5) දහවල් 12.13 ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙණිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශයන්ට ඉහළින් ඍජුවම හිරු මුදුන්වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
 
මේ අතර අද දහවල් කාලයේදී වයඹ, සබරගමුව පළාත්වල හා මන්නාරම, වව්නියාව, කොළඹ, ගම්පහ, මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි උෂ්ණත්වය ඉහළ යනු ඇතැයිද හෙතෙම කීවේය.