
(ඉන්දිකා රාමනායක සහ ටි කේ ජි කපිල)
ව්‍යාජ වීසා උපයෝගී කරගෙන කටාර් රාජ්‍යය හරහා කැනඩාවට යාමට උත්සහ කළ පුද්ගලයන් 12 දෙනෙක් කටුනායක ගුවන් ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස් අතර කාන්තාවන් පස් දෙනෙක් සිටි බවද බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මොවුන් පිරිස ඊයේ (16) දින විදේශගත වීම සඳහා පැමිණ සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.
මොවුන් 16 දින අලුයම 3.15 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් නුගේගොඩ, පොල් ගහවෙල ,කෑගල්ල, මාවනැල්ල, අලවතුගොඩ , බත්තරමුල්ල ,පිලියන්දල ,යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙසේ අත් අඩංගුවට ගත් පිරිස සවස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ,ඔවුන් අතරින් 11 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ .
මොවුන් අතර සිටි ඉතිරි එක් කාන්තාවක් මෙම පැන යෑම සංවිධානය කළ බවට චෝදනා ලැබ ඇති නිසා , ඇය මේ මස එනම් 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ .
මෙම පිරිස වයස අවුරුදු 21 ත් 55 ත් අතර පසුවන කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පූද්ගලයින් 07 දෙනෙකි .
2025 දෙසැම්බර් මස 18
657
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පාරෙන් කැනඩා යන්න හැදූ 12 ක් අත්අඩංගුවට