(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                     
 මොරටුව   අඟුලාන ප්‍රදේශ දෙකක සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 40කට අධික වටිනා  හෙරොයින්  මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.

ලුනාව  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ  මත්කුඩු ග්‍රෑම් 320 ක් හා මෝදර වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 20 ක් තිබී පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොරටුව ලුනාව සහ රත්මලාන බංගලාව පාර පදිංචි වයස අවුරුදු 30, 40 අතර වියේ පසුවන්නන්ය.

සැකකරුවන් මොරටුව අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි.