(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු (30) අලුයම අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවටගත් පිරිස අතර මහරගම අපේක්ෂා රෝහලේ සුළු සේවකයෙකු ද වන බව පොලිසිය කියයි .
පොලිසියට ලද තොරතුරක් අනුව 30 දා අලුයම මහරගම අපෙක්ෂා රෝහල අසල සිදුකළ වැටලීමකදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමෙදී ජාවාරමට සම්බන්ධ තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
මොවුන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරතව සි සිටි කල්ලියක් බවද පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd