IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හෙරොයින් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සමඟ බද්දේගමදී අයෙක් අත්අඩංගුවට

 (සුමතිපාල දීයගහගේ)
 
හොරොයින් ගෑම් 2 මිලි ග්‍රෑම් 400 ක් , බැංකු පොත් 4 ක් ඒ. ටී.එම් කාඩ්පත් 26 ක් ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අගලිය පොලිස් මුරපොල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට අද (11) ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බව බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතා පැවසීය.
 
බද්දෙගම පොලිසියට අයත් අගලිය පොලිස් මුරපොල නිලධාරීන් කණ්ඩායමක් විසින් අගලිය බටබැද්ද නුගේතොට ප්‍රදේශයේ පාලු නිවසක් අසල නවතා තිබූ මෝටර් රථයක් පරික්ෂා කිරිමට යන විට එහි සිටි පුද්ගලයින් සිවු දෙනෙක් පලාගොස් ඇත.
 
එවිට ඔවුන් පසුපස ලුහු බැද ගිය පොලිසිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේදී එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 150 ක් සොයා ගෙන තිබේ.
 
 
එම ස්ථානයේ නතර කර තිබු සැකකරුවන් පැමිණි මෝටර් රථය පරික්ෂා කිරිමේදී එම රථය තුල තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250 ක්,  බැංකු පොත් 4 ක්, ඒ ටී එම් කාඩ් 26ක්, පෙන්ඩ්‍රයිව් 2 ක්,ජංගම දුරකතන 2 ක්, සිම්කාඩ් පත් 11 ක්,ඩොංගල් 3 ක්, දේශීය මුදල් රුපියල් 1470 ක්, විදේශීය මුදල් නෝට්ටු  8 ක් සහ සැකකරුවන්ගේ බවට සැකකරන හැදුනුම්පත් 2 ක් සහ යතුරු කැරැල්ලක්ද පොලිස් භාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි බලපිටිය මරදාන පාර පදිංචි පුද්ගලයෙකි.
 
මෙම සැකකරුවන් හෙරොයින් විකිණිමට සහ අධික ලෙස හෙරොයින් පාවිච්චි කිරිමට ඇබ්බැහිවී ඇති පුද්ගලයින් බවපොලිස් පරීක්ෂණවලදී අනාවරනයවී ඇත.
 
පලා ගොස් ඇති සැකකරුවන් සහ මෙම හෙරොයින් ජාවාරම පිළිබද වැඩිදුර තොරතුරු අනාවරනය කර ගැනීම සදහා සැකකරු අද (11) බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කොට රැදවුම් නියෝගයක් ඉල්ලා සිටින බව පොලිසිය වැඩි දුරටත් පැවසිය.



අදහස් (0)

හෙරොයින් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සමඟ බද්දේගමදී අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 176 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site