(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
හරීන් ප්‍රනාන්දු මහතා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරවේ එම රෝහල වෙත පැමිණ මෙම දැනුම් දීම සිදුකළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මීට පෙර ද හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීප හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ තමන් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත ව සිටින බවත්, වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් අදාල ප්‍රකාශය ලබා දෙන බවයි.
COMMENTS
පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ප්‍රධානම කෙනා එවකට සේනාධිනායක හා විධායක බලය තිබූ ජනපති මෛත්‍රීපාල. ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා ආරක්ෂිත කෙනෙකු බවට පත්වී තිබෙනවා. මේ සියල්ල සිදුවුණේ ඔහුගේ වරදින්. ප්‍රධාන වරදකරු නිදැල්ලේ සිටිමින්, එන ඡන්දෙදී ඡන්දය ඉල්ලන්නත් හදනවා. පක්ෂ විපක්ෂ සැම එකතුවී ඔහු නීතියට යටත් කළ යුතුයි. ඔහු නිදැල්ලේ සිටිද්දී නිකං කාලය කා දමමින් වටේ යාමෙන් ඵලක් නැත.
පාර්ලිමේන්තුවේ කගහනවා බොරුවට, කියන කතා වලට නඩු දාන්ඩ බැරි නිසා. ඇවිල්ලා දන්න දේ පොලිසියට කියන්ඩ කිව්වම මතක නෑ . නිකන් කිවේවේ.සාක්කි නැ. ඔන්න පණ්ඩිතයන් ගේ කයිවාරුව.
අපරාදේ පැමිණිලිකාරයෝ සාක්කිකාරයෝ එල්ලුම් ගස් හිරේයද්දී චූදිතයෝ වන්දි අරන් නිදොස් කර නිදහස් වෙන බව සිහිතබා ගත්තොත් හොඳයි.
රාජපක්ෂලා තරම් රට කාපු යුගයක් තවත් නෑ..
රුධිර පීඩනය හද ගැස්ම වැඩිවෙන්න බෙහෙත් බිලා . නැත්තන් වැරදි අගයක් පෙන්වන උපකරණ හයි කරගෙන