(බන්දු තඹවිට)
ආරක්ෂක අංශ කොරෝනා වෛරසය පාලනය කිරීමට අවධානය යොමුකර තිබියදී පොලිසියේ ඇසට අසු නොවන ලෙස සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි රක්ෂිතයකින් වෙනිවැල් කිලෝ 120 ක් කපා නවීන මොටර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තිනියාවල පොලිසිය පවසයි.
තිනියාවල,ධනවල පදිංචි, පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ 45 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මීට පෙරද වල්ලාපට්ටා ජාවාරම් කිරීමේ වරදට මේ වන විට උඩුගම උසාවියේ නඩුවක් විභාග වන බවත් ඔහු සමඟ තවත් දෙදෙනෙකු මෙම වෙනිවැල් තොගය ප්‍රවාහනයට සම්බන්ධ වී සිට ඇති බවට සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම වෙනිවැල් තොගය අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එහි වෙනිවැල් කිලෝ 120 ක් සහ ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් තිබී ඇත.
වෙනිවැල් තොගය සහ මෝටර් රථය සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම වෙනිවැල් ජාවාරමට සම්බන්ධ අනෙක් පිරිස අත් අඩංගුවට ගැනීමට තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මේ අයට ඇමැතිකම හම්බවුණොත් ගහම අරන් යයි... මෙහෙමත් මිනිස්සු...
පක්ෂ අදාළ නොවේ... පාට අදාළ නොවේ. එකම සුදුසුකම වාහනය රාජසන්තක කිරීමට හා අඩුම ගානේ අවුරුදු 10 කටවත් බරපතල වැඩ ඇතිව මහගෙදරට යැවීමට, "දේශපාලකයෙක් " වීම. කිසිම සමාවක් නම් දෙන්න එපා. දඬුවමට අයත් කරන්න කියා ගරු අධිකරණයෙන් ඉල්ලිය හැකි කරුණක් නම් "අඩුම ගානේ වෙනිවැල් පැල 250ක් වත් දේශපාලුවාට හා එක් එක් හෙන්චයියෙකුට කැලේ රෝපණයකර සාත්තු කිරීමට සැලැස්වීම...
ලොක්කලා රටේ සම්පත් විදේශ සමාගම්වලට විකුණනවා. ගෝලයෝත් ලොක්කන්ට දෙවැනි නෑ කියලා ඔප්පුකළා.
' අල්ලා හමගසා ගස් බැඳ තලනු වටී. වෙනිවැල් බොන්න ඇති පදමින් නෙලනු වටී '